එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමග සියළු සාම සාකච්ඡා අවලංගු කරයි.Sri Lanka Latest News
ජනාධිපති ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ ඉරාන නියෝජිතයින් හමුවීමට ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් පකිස්ථානයේ ඉස්ලාමාබාද් වෙත යාමට නියමිතව සිටි ගමන ඒකපාර්ශ්විකව අවලංගු කළ බවයි.
“මම ටික වේලාවකට පෙර මගේ ජනතාවට කිව්වා ඔවුන් සාකච්ඡා වලට පිටත්ව යාමට සූදානම් වන බව,පසුව විට්කොෆ්ට මම කිව්වා නෑ ඔයා එහේ යන්න එපා,අපිට හැම විකල්පයක්ම තියෙනවා එයාලට ඕන වෙලාවක අපිට කතා කරන්න පුළුවන්,නමුත් කිසිම දෙයක් ගැන කතා නොකර ඉඳගෙන ඉන්න ඔයා තවත් පැය 18 ක ගුවන් ගමනක් යන්න අවශ්‍ය නැහැ.”යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ට්‍ර්ම්ප් පවසයි.
මුලාශ්‍රය | fox news,axios
මේ වන විට ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළට එක්සත් ජනපද KC-46 පෙගසස් සහ KC-135 ස්ට්‍රැටෝටැන්කර් යානා ඇතුළු එක්සත් ජනපද ඉන්ධන පිරවුම් ගුවන් යානා 50 කට අධික ප්‍රමාණයක් මීට සුළු මොහොතකට පෙර ගොඩ බස්සවා තිබෙන බව වාර්තා වෙයි.
:මේ වන විට ටොන් ගණනක බෝ!ම්බ සහිත B-21 Raider ගුවන් යානා පළමු වතාවට දහවල් කාලයේ මැදපෙරදිග අහසේ ඉන්ධන ලබා ගනිමින් සිටින අතර ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරයි.










