නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා බවට වාර්තා පොත් අතරට එක්විය.
ඒ අනුව විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බවට වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඒ මහතා විසින් ඉදිරිපත් කොට තිබිණ.
එම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බාරදීමටද ඒ මහතා පියවර ගත්තේය.










