ගල්ගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තේරීමේ ඡන්දයෙන් බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය අද සමත් විය.Sri Lanka Latest News
07 දෙනකුගෙන් සමන්විත ගල්ගමුව සමූපකාරයේ අධ්‍යක්ෂ මණඩලය තේරීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගයට සාමාජිකයන් 03 දෙනකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජිකයන් 2ක් සහ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් සාමාජිකයකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත සාමාජිකයන් 07 දෙනාම විපක්ෂයෙන් තේරී පත් විය. ඒ අනුව ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට (මාලිමාවට) අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු සාමාජික ධුරයක් හිමි නොවූ අතර මෙහි සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ සාමාජිකයකු ඉදිරියේ දී පත්කිරීමට නියමිතය.










