සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් හෙට (27) දින ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර එහිදී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.
පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වෙන බව වාර්තා වේ.










