• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගණනය කරද්දී වැරදුණා! වත්කම කෝටි 47ක් නෙමෙයි කෝටි 8යි! හිරු ලාල්කාන්තට කනගාටුව ප්‍රකාශ කරයි! VIDEO I Sri Lanka Latest News

April 18, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නාළිකාව.. ‘හිරු නිව්ස්’! වසරේ ජනප්‍රියම වැඩසටහන.. ‘හිරු ස්ටාර්’! වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන.. ‘හිරු සලකුණ’! කවුරු මොනවා කිව්වත් මිනිස්සු බලන්නේ ‘හිරු’! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්තගේ වත්කම් – බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති විසින් සිදුකළ වාර්තාකරණය නිවැරදි නොවන බව දන්වමින් අමාත්‍යවරයාගේ නීතිඥවරයා අප වෙත එන්තරවාසියක් එවා තිබෙනවා.Sri Lanka Latest News

එම එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දළ වටිනාකම නිවැරදි නොවන බවටයි.

කෙසේ වෙතත් යම් කරුණක් නිවැරදි කිරීමේ අයිතිය යටතේ හිරු ප්‍රවෘත්ති එම වටිනාකම් පිළිබඳ යළි ගණනය කර සිදුකරන නිවැරදි කිරීමයි මේ.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් 2024 සහ 2025 වර්ෂයට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබූ තමන්ගේ සහ පවුලේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය පසුගිය 16 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා.

එම වත්කම් හා බැරකම් ප්‍රකාශය අනුව නිශ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් ලක්ෂ 60 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 560 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14 ක ඉඩමක් ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් රූඩ් 2 යි පර්චස් 7.26 ක වර්ග අඩි 1,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් ද සිය නිශ්චල දේපළ ලෙස ද ඔහු ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම චංචල දේපළ ලෙස දක්වා තිබුණේ රුපියල් ලක්ෂ 16 ක වටිනාකමින් යුත් පවුම් 8 ක රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 30 ක විටිනාකමකින් යුත් රත්රන් ග්‍රෑම් 120 ක් සහ රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් යුත් මෝටර් රථයක්.

එමෙන්ම අමාත්‍යවරයා වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත් ලක්ෂ තිස් අටදහස් නවසිය දහ අටයි ශත දහසයක්, දේපළ බදු දීමෙන් ලබන ආදායම ලෙස රුපියල් ලක්ෂ හතරක් සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසීයක මුදලක් ලබන බව ද අප වාර්තා කළා.

මීට අමතරව වත්කම් – බැරකම් ප්‍රකාශය අනුව ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ලද ආදායම ලෙස රුපියල් විසි හත් ලක්ෂ පනස් පන්දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් සහ වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහ අට ලක්ෂයක් දක්වා ඇතැයි එදින අප වාර්තා කර තිබුණා.

මෙම වත්කම් සහ බැරකම් වාර්තාකරණයේදී කිසිදු දෝෂයක් සඳහන් නොවන බව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබූ වත්කම් – බැරකම් ප්‍රකාශයේ කරුණු අනුව පෙනී යනවා.

නමුත් අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් අප වෙත එවන ලද එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දළ වටිනාකම නිවැරදි නොවන බවටයි.

එදින අමාත්‍යවරයා සතු සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක් ලෙස සඳහන්ව තිබුණේ ගණනය කිරීමේදී සිදුවූ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා.

ඒ අනුව අදාළ වත්කම් – බැරකම් ප්‍රකාශය අනුව එම සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්තෑපහයි ශත අටක් ලෙස නිවැරදි විය යුතු වනවා.

මීට අමතරව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති වත්කම්වල මුලු‍ දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 8 ඉක්මවනවා.

මේ අනුව අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත වෙත සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කර සිටින අතර, අද අප මෙම ප්‍රවෘත්තිය පළ කරනු ලබන්නේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය යටතේයි.

SendShareShare
Previous Post

ලාල්කාන්ත‌ගේ වත්කම කෝටි 47ක් නෙමෙයි කෝටි 8යි! හිරුට යැවූ එන්තරවාසිය මෙන්න! I Sri Lanka Latest News

Next Post

පිහිඇනුම් කාපු පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී ටිකට් කපන් ගෙදර ගිහින්!  I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.