• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ගල් අඟුරු කොමිසම පත්කරයි! I Sri Lanka Latest News

April 17, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර ඉදිරියේ අලුත් අභියාචනාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් දිවුරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී  අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොමිෂන් සභාවක් පත් කර තිබේ.Sri Lanka Latest News

1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන අනුව මෙම කොමිෂන් සභාවක් පත්කර ඇත. 

මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාත්, සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතාත් පත් කරනු ලැබ සිටිති.

මෙම කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කරනු ලැබ ඇත.

එම කොමිෂමට ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එමගින් රජයට මූල්‍යමය හානියක් සිදුව ඇත්නම් එය තක්සේරු කිරීමත්,

අදාළ කාලය තුළ නිසි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්ද, නැද්ද යන වග සහ ප්‍රසම්පාදන ක්‍රියාදාමය, සැපයුම් ක්‍රියාදාමය, තත්ත්ව පරීක්ෂණ ක්‍රියාදාමය, මෙහෙයුම් ක්‍රියාදාමය සහ උපයෝගීතා ක්‍රියාදාමය ඇතුළු සමස්ථ සම්බන්ධිත ක්‍රියාදාමයන් විමර්ශනයට ලක් කිරීමත්, 

ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් විදුලි ජනනය කිරීමේදී විදුලි ජනන මට්ටම අපේක්ෂිත ඵලදායී ආකාරයට සිදු වී ඇත්ද, නැද්ද යන වග සොයා බැලීමත්,

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කරන ලද්දේ නම් එම ගල්අඟුරු භාවිතා කර විදුලි බල උත්පාදන ක්‍රියාවලිය තුළදී නෛතික සහ මූල්‍යමය අක්‍රමිකතා/ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,

මෙකී ක්‍රියාදාමය තුළ සිදු කරන ලද ප්‍රකාශිත/ හෝ කොන්දේසි කඩ කිරීම් සිදු වී ඇත්ද, නැද්ද යන වග සහ එලෙස සිදු වී ඇත්නම් එකී කඩවීම්වලට එරෙහිව ගෙවීම් අත්හිටුවීම / හෝ වෙනත් හානි පූර්ණ ක්‍රියාදමයන් අනුගමනය කර ඇත්ද, නැද්ද යන වග විමසා බැලීමත්,

ඉහත ආකාරයේ සිදුවීම් සිදුවී ඇත්නම් ඒ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරින්, රජයේ නිලධාරීන්, සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගමේ නිලධාරීන් හා සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය යෝජනා කිරීමත්

එසේ සිදුවී ඇතැයි කියන අකටයුතුකම් හෝ නීති විරෝධි ක්‍රියා අනාගතයේදී සිදුවීම වළක්වා නිසි සුපිළිපන්න භාවය තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීමත්

ඉහත සඳහන් කරුණුවලට අමතරව ගල්අඟුරු ආනයනය කර විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි වාර්තා විය හැකි වෙනත් අකටයුතුකම් හෝ නීති විරෝධි ක්‍රියා සම්බන්ධව වාර්තා කිරීම සහ එවැනි තත්ත්වයන් සිදුවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනය කිරීම වාර්තා කිරීමත් කාර්යයන් ලෙස පවරනු ලැබ තිබේ.

SendShareShare
Previous Post

තෙල් සංස්ථාව ඊයේ කිව්වා HSBC ප්‍රධානියාගේ කතාව බොරු කියලා! තෙල් සංස්ථාවේ සභාපති අද කියනවා ඩොලර් 286 ඉක්මවූ මිලට ඩීසල් මිලදී ගත්තා කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

කුමාර ජයකොඩියි අමාත්‍යංශ ලේකම්වරයායි ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.