එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය ඇත..
එම තීරණයට එළඹ ඇත්තේ අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.
පක්ෂ නායකත්ව අභියෝගය භාරගැනීමට සූදානම් යැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ යවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු කළ අතර නීතිමය තත්ත්වය මත ජයසූරිය මහතාගේ නම ප්‍රතික්ෂේප වී ඇති බව දැනගන්නට තිබේ.










