• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අනුරපුරේදී අලුත් සහල් මංගල්ලයට එක්වෙයි! ශ්‍රී මහා බෝධියත් වැඳපුදා ගනී! PHOTOS I Sri Lanka Latest News

April 9, 2026
in Exclusive
Reading Time: 25 mins read
A A
අනුර අනුරපුරේදී අලුත් සහල් මංගල්ලයට එක්වෙයි! ශ්‍රී මහා බෝධියත් වැඳපුදා ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.Sri Lanka Latest News

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, “අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට ” තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 59වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.

අතීතයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර, ‘කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවා’යි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවා’යි රටට, ජාතියට සෙත් පැතීමත් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මෙහිදී සිදු කෙරිණි.

ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

සාම්ප‍්‍රදායිකව ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද අතර
ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

“59වන ජාතික අලුත් සහල් මංගල්‍යය” සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර, මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දායකත්වය සැපයූ ගොවි නායකයින් ඇගයීමට ලක් කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

එහිදී සුළු වාරි ව්‍යාපාරය නියෝජනය කරමින් කිංස්ලි කුමාර ගොවි මහතාත්, මහා වාරි ව්‍යාපාරය නියෝජනය කරමින් ඩබ්. සුමිත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතාත්, මහවැලි ව්‍යාපාරය නියෝජනය කරමින් එච්.එම්. උපාලි ධර්මමරත්න ගොවි මහතාත් ජනාධිපතිවරයා අතින් ඇගයීම් තිළිණ ලැබූහ.

පළාත් මට්ටමින්‌ ගොවි ජනතාව වෙත බිත්තර වී බෙදා දීමටද මෙහිදී ජනාධිපතිවරයා එක් විය.

අනතුරුව, පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ලෝකයේ කුමන අර්බුද මතු වුවද, ජාතියක් ලෙස අපිට ආහාර අර්බුදයක් මතු නොවන්නේ, අපේ ගොවි ජනතාව දිවා රෑ, අව්ව, වැස්ස, පින්න නොතකා කෘෂිකර්මාන්තය වෙනුවෙන් සිදු කරන මහඟු කැපවීම නිසා බවත්, ඒ වෙනුවෙන් ගොවි ජනතාවට විශේෂ ගෞරවය පුද කර සිටින බවත්ය.

ලේ, කඳුළු දහදිය මතින් ගොඩනැගුණු මෙරට ගොවි ජනතාවගේ ජීවිත මීට වඩා උසස් මට්ටමකට ගෙන ඒම සඳහා රජයට විශාල සැලැස්මක් තිබෙන බවත්, එහිදී ක්ෂේත්‍ර 07ක් කේන්ද්‍ර කර ගනිමින් කෘෂිකර්මාන්තය සහ ගොවිතැන නගා සිටුවීමට සැලසුම් සකස් කර තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව, රටේ සුළු සහ මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංවිධානය කරමින් අවශ්‍ය ජල සම්පත ලබා දීම, යෙදවුම් සාධාරණ මිලට ලබා දීම, කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය කැඳවාගෙන ඒම, අස්වනු නාස්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ගබඩාකරණය, ඇසුරුම්කරණය සහ වෙළෙඳපොළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ අස්වැන්නට සාධරණ මිලක් ලබාදීම සඳහා රජයේ කෘෂි ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කර තිබෙන බවද සඳහන් කළේය.

ඕනෑම රටකට තමන්ටම අනන්‍ය වූ ගමන් මාවතක් තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා අපිට අනන්‍ය වූ සංස්කෘතියත්, ගමන් මාවතත් කෘෂිකර්මාන්තය මත ගොඩනැගී තිබෙන බවත්, එම සංස්කෘතික වටිනාකම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් පිළිබිඹු වන බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ආරම්භය, පැවැත්ම, අනාගතය විශාල ප්‍රමාණයකින් රඳා පවතින්නේ කෘෂිකර්මාන්තය මතයි. අපේ තාක්ෂණය වර්ධනය වුණේ කෘෂිකර්මාන්තය මතයි. අපේ ආර්ථිකය දීර්ඝ කාලයක් පුරා ශක්තිමත් කරන්නේ කෘෂිකර්මාන්තයයි. අපේ ජනතාවගේ ජන ජීවිතය ගොඩනැගී තිබෙන්නේ කෘෂිකර්මාන්තය මත.

ඒ වගේම අපේ සංස්කෘතියේ විශාලතම පදාසයක් නියෝජනය කරන්නේ කෘෂිකර්මාන්තය හා බැඳුණු සංස්කෘතික ක්‍රියාකාරකම්. ගොවිතැන ආරම්භයේ සිටම අස්වැන්න නෙළා අලුත් සහල් මංගල්‍ය පවත්වන තෙක් මේ කෘෂිකර්මාන්තය හා බැඳුණු විශාල සංස්කෘතිකමය ක්‍රියාකාරකම් තිබෙනවා. වර්ෂාව, කාලගුණය යහපත් වීමටත්, සතාසිව්පාවාගෙන් සහ කෘමි උවදුරුවලින් ආරක්ෂා කර දෙන ලෙසත් අශිර්වාද පතමින් බාරහාර වෙනවා.

එතැනින් ආරම්භ වන කෘෂිකර්මාන්තයේ සෑම අවස්ථාවකම ඇවතුම්-පැවතුම්, අපේ සංස්කෘතිය සමඟ ගොඩනැගී තිබෙනවා. අවසානයේ නෙළා ගත් අස්වැන්නෙන්, වගා කටයුතු සඳහා ජලය සපයන ලද මහා වැව ඉස්මත්තේ කිරි උතුරා බාරහාර ඔප්පු කරනවා.

එහි ඉතා වැදගත් සංධිස්ථානය වන්නේ නෙළා ගන්නා අස්වැන්නේ අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කර, ඒ පිං අනුමෝදන් කර ගනිමින් අපේ කෘෂිකර්මාන්තයට, ගොවිතැනට, ජන ජීවිතයට ආශිර්වාද පතමින් පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යයයි.

අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා සහ මැදිහත් වීම ඇතිව සෑම වසරකම මේ මහා පිංකම සිදු කරනවා. මෙවැනි සංස්කෘතිකමය අවස්ථා රටක අනන්‍යතාව, සංස්කෘතික බැඳීම සහ ගොඩනැගීමේ පවුරු පදනම් පෙන්නුම් කරනවා. ඕනෑම රටකට තමන්ටම අනන්‍ය වූ ගමන් මාවතක් තිබෙනවා. අපට අනන්‍ය වු සංස්කෘතියත්, ගමන් මාවතත් මේ කෘෂිකර්මාන්තය මත ගොඩනැගී තිබෙනවා.

අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවගේ ජීවිත වඩාත් උසස් ජීවිතයක් බවට පත් කළ යුතුයි කියන මහඟු කාර්යය වෙනුවෙන් අපේ ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කර තිබෙනවා. අපි දන්නවා අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් විශාල පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ නිසා ගොවිතැනේදී අත්පත් කරගන්නා සාර්ථකත්වය මත තමයි ගොවි ජනතාවගේ ජීවිත උසස් වෙනවාද? නැද්ද? කියා තීරණය වන්නේ. සාර්ථක කෘෂිකර්මාන්තයක් තුළින් අපේ ග්‍රාමීය ජනතාව වෙළී සිටින දුප්පත්භාවයෙන් ඔවුන් මුදා ගත හැකියි. ඒ නිසා විශේෂයෙන් අපි ආණ්ඩුවක් ලෙස අපේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් සකස් කරන්නේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම තුරන් කළ යුතුයි, ඒ වෙනුවෙන් කාෂිකර්මාන්තය සඳහා දැක්මක් සහ වැඩපිළිවෙළක් අවශ්‍යයි යන පදනම මතයි.

කෘෂිකර්මාන්තය ප්‍රධාන කොටස් ගණනාවකින් ගැට ගැසී තිබෙනවා. අපි දන්නවා අපේ රටේ ගොවි ජනතාවට ඉඩම් පිළිබඳ ගැටලු රැසක් තිබෙනවා. නිසි ඉඩම් හිමිකමක් නොමැතිකම ගොවි ජනතාව මුහුණ දී සිටින විශාල ගැටලුවක්. ඒ නිසා මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම ඉඩම් නිරවුල් කර ස්ථීර බලපත්‍රයක් ලබා දීම වෙනුවෙන් හිමිකම වැඩසටහන දියත් කර තිබෙනවා. පසුගිය දා අනුරාධපුරයට පැමිණ එම ඉඩම් ඔප්පු ප්‍රදානය කරන අවස්ථාවේ එම ජනතාවගේ දෑස්වල තිබෙන කදුළු මම දැක්කා.

ඒ නිසා තමන්ට හිමි ඉඩමක අයිතිය තහවුරු කිරිම සඳහා අවශ්‍ය වන ඉතාමත් ශක්තිමත් වැඩසටහනකට අපි අවතීර්ණ වී තිබෙනවා. විවිධ කාලවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ හැම එකකම යම් යම් ප්‍රමාණයන්ගෙන් ගැටලු මතු වී තිබෙනවා. එම සියල්ල නිරවුල් කර නිරවුල් ඔප්පුවක් ලබා දීමේ වැඩසටහන අපි මේ වන විටත් සකස් කර තිබෙනවා.

දෙවනුව කෘෂිකර්මාන්තයේ වැදගත්ම කොටස වන්නේ ජලයයි. අපිට මොන තරම් ඉඩම් සම්පතක් තිබුණත් වගා කිරීම සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබා ගත නොහැකිනම් ඵලක් නැහැ. අපි දන්නවා මේ රජරට වැව්බැඳි රාජ්‍යය බවට පත් වුණේ අපේ අතීත මුතුන් මිත්තන් සහ ශ්‍රේෂ්ඨ රජවරු විසින් විශාල වාපි කර්මාන්තයක් ඇති කරන ලද නිසයි. අපේ ගම් පවා ගොඩනැඟුණේ මේ වාපි කර්මාන්තයේ ප්‍රතිඵලයක් ලෙසයි. අපේ මුතුන් මිත්තන් සහ රජ දරුවන් වැව් 32,000ක් පමණ ඉදිකර තිබෙනවා. අපි ශ්‍රේෂ්ඨ වාපි ඉතිහාසයකට උරුමකම් කියනවා. හැබැයි, අවාසනාවට මේ වැව්වලින් විශාල ප්‍රමාණයක් අභාවයට ගොස් තිබෙනවා. අද සංඛ්‍යා දත්තවලින් පෙන්නුම් කරන්නේ වැව් 14,000ක් පමණයි ඉතිරි වී තිබෙන්නේ කියලා. ඒ නිසා ප්‍රධාන වගකීමක් ලෙස අපි වැව් ටික ආරක්ෂා කර ගත යුතුයි.

ඔක්තෝබර් මාසය ආරම්භයත් සමග මහා වැසි පටන් ගන්නවා. ඒ වතුර ටික අපේ ජලාශවල පුරවා ගත්තතොත් තමයි මහ කන්නයට අවශ්‍ය වතුර ටික ලැබෙන්නේ. අද නුවර වැවේ සිට බලය, ධනය තිබෙන අය වැව් තාවුලු අල්ලාගෙන තිබෙනවා. ඒවා විනාශ වෙලා රොන් මඩ පිරී තිබෙනවා. අපේ සංස්කෘතිය පැවතියේ හුදු වැවක් ලෙස නොවේ. එය එල්ලංගා පද්ධතියක් ලෙසයි ගොඩනැගී තිබුණේ. මෙහි තිරසාර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. අද තිරසාර සංවර්ධනයේ විශාල යෝජනා ගැන කතා කරනවා. හැබැයි තිරසාර සංවර්ධනයේ මහා බිහි කිරීම තමයි අපේ වැව් පද්ධතිය.

වසර දහස් ගණනක් තිස්සේ පරම්පරා ගණනාවකට ආහාර සැපයීම සඳහා මේ වැව් පද්ධතිය අපිට උපකාර වී තිබෙනවා. වසර දහස් ගණනාවක් අඛණ්ඩව කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සපයමින් මේ වැව් පවතිනවා. ලෝකයේ තිරසාර සංවර්ධනයට උදාහරණයක් අවශ්‍ය නම් එය අපේ වැවයි. හැබැයි වර්තමානයේ අපේ මිනිස් ප්‍රජාව විසින්ම තිරසාර සංවර්ධනයේ මහා වටිනාකමක් වන අපේ සුළු සහ මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය විනාශයට පත් කරනු ලබමින් තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් තිරසාර තීන්දුවක් ගෙන තිබෙනවා යළි අපේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංවිධානය කළ යුතුයි කියලා. ඇතැම් විට විරෝධතා මතු වේවි. හැබැයි අපි දැඩි අධිෂ්ඨානයකට පැමිණිය යුතුයි තිරසාර සංවර්ධනයේ තිබෙන මහඟු මෙවලම වන වැව් පද්ධතිය අපි ආරක්ෂා කර ගන්නවා කියලා. වර්තමානයේ අප සතුව තිබෙන වගකීම තමයි මේ වැව් පද්ධතිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දීම. ඒ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම ජනාධිපතිවරයා ලෙස මමත්, ආණ්ඩුවත් ආරක්ෂාව ලබා දෙනවා.

ඒ වගේම වෙන දාට වඩා අපේ වගා බිම් ප්‍රමාණය වැඩි වී තිබෙනවා, ආහාර අවශ්‍යතාව ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අහස් වැසි පමණක් අපිට ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන් මේ වියළි කලාපයට අපේ මධ්‍ය කඳුකරයට වසින වැසි මේ උතුරු මැද පළාතේ වගාවන් සදහා කැඳවා ගන්නේ කෙසේද, ඒ වෙනුවෙන් ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස උතුරුමැද මහා ඇළ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ව්‍යාපෘතියේ යම් ගැටලු තිබෙනවා, එහෙත් මේ ව්‍යාපෘතිය අපි අවසන් කළ යුතුයි. දැනට ඒරු වැවේ සිට මහකනදරාව දක්වා ඇළ කපා අවසන් කර තිබෙනවා. ඒ නිසා අපේ පළමු කාලය ඇතුළත මේ මහකනදරාව වැවට උතුරුමැද මහ ඇළ මගින් ජලය සැපයීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මල්වතු ඔය ව්‍යාපාරය නතර වී තිබුණා. එය නැවත ආරම්භ කිරීම සඳහා අපි මේ වසරේ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ වගේම යෙදවුම් පිළිබද අපි අධ්‍යයනය කළ යුතුයි. මොකද අපිට ඉඩම් ප්‍රමාණය වැඩි කරන්න බැහැ. එසේ නම් වගා භූමියෙන් නෙළා ගන්නා අස්වැන්න වැඩි කළ යුතුයි. ඒ සඳහා නව යෙදවුම් අපිට අවශ්‍යයි. ඒ නිසා පර්යේෂණ මගින් නව යෙදවුම්වලට පරිවර්තනය විය හැකියි කියා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ගොවි ජනතාවට යෙදවුම් සාධාරණ මිලකට ලබා දිය යුතුයි.

ඒ නිසා ලෝක වෙළෙඳපොළේ කොපමණ යූරියා මිල ඉහළ ගියද, මේ යල කන්නය සඳහා අපි රුපියල් 10,200ක උපරිමයකට යටත්ව යූරියා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම අමතර වශයෙන් වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය රුපියල් 25,000- 30,000 දක්වා වැඩි කිරීමටත්, කුඹුරුවල වගා කරන එළවළු ගොවිතැන සඳහා ලබා දෙන 15,000ක සහනාධාරය රුපියල් 18,000 දක්වා වැඩි කිරීමටත් තීරණය කළා. ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුම නිසා මේ යෙදවුම් මිල ඉහළ ගොස් තිබෙනවා. එය ගොවි ජනතාවට තනිව දරා ගන්න බැහැ. ඒ නිසා අපි යෙදවුම් පිළිබද අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම, අපි කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය කැඳවිය යුතුයි. අලුත් තරුණ පරම්පරාව අලුත් මෙවලම් නිෂ්පාදනය කරමින් සිටිනවා. අපි ඔවුන්ව දිරි ගැන්විය යුතුයි. අපි කෘෂිකර්මාන්තයේදි ශ්‍රමය පිළිබඳ විශාල ගැටලුවකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා කෘෂිකර්මාන්තය සමග නව තාක්ෂණය මුසු කළ යුතුව තිබෙනවා. ලෝකය පුරා බිම් සකස් කිරීම, වැපිරීම, පොහොර යෙදීම, අස්වැන්න නෙළීම ආදී මේ සියල්ල සැලකිය යුතු ප්‍රමාණයක් නව තාක්ෂණය දක්වා පරිවර්තනය වී තිබෙනවා. ඒ නිසා ඉතා වේගයෙන් අපේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය කැඳවා ගත යුතුයි. එවිට අපිට ඵලදායීතාව ඉහළ නංවාගත හැකියි.

ඒ වගේම, මේ නෙළා ගන්නා අස්වැන්න නාස්ති වීම වැළැක්වීම වැදගත්. එහිදී ගබඩාකරණය, ඇසුරුම්කරණය සහ වෙළෙඳපොළ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා පසුඅස්වනු නාස්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ආයතනයක් මේ අනුරාධපුරයේ ස්ථාපිත කර තිබෙනවා.

එහි නව පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කෙරෙනවා. එහි ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා. අපි තවත් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා නව පර්යේෂණවලට දිරි දිය යුතුයි. ඒ වෙනුවෙන් වැඩසටහනක් අපි සකස් කර තිබෙනවා.

අපේ ගොවි ජනතාව හැමදාම මුහුණ දෙන ප්‍රශ්නය තමයි නෙළා ගන්නා අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙනවාද කියන ප්‍රශ්නය. හැමදාම තිබෙන මේ මැසිවිල්ලට එක රාත්‍රියකින් විසදුම් සොයා ගත හැකියි කියා මම කියන්නේ නැහැ. හැබැයි අපි විසඳුම් පිළිබඳ සැලැස්මක සිටිනවා.

මේ අනුව ක්ෂේත්‍ර 07ක් කේන්ද්‍ර කර ගෙන කෘෂිකර්මාන්තය සහ ගොවිතැන වර්ධනය කිරීමත්, ගොවි ජනතාවගේ ජීවිත උසස් කිරීමත් අරමුණු කරගෙන අපි වැඩ කරමින් සිටිනවා. දේශපාලන අධිකාරිය ලෙස අපිට ඒ වුවමනාව සහ කැක්කුම තිබෙනවා. මමත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් දෙදෙනාම මේ අනුරාධපුරයේ ගම් නියගම්වල හැදුණු කුඹුර, හේන සමග පොර බැදූ මිනිස්සු. ඒ වගේම අපේ නිලධාරි මහත්තුරු ඈලිමෑලිකම් බිඳලා, කාර්යක්ෂමව වේගයෙන් මේ පරිවර්තනය සඳහා මැදිහත් විය යුතුයි.

ඒ වගේම, අපේ ගොවි ජනතාවගේ සහාය මෙහිදී අවශ්‍යයි. අපේ ගොවි ජනතාව මේ වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. ඒ පිළිබඳ අපේ ගෞරවය අපි ගොවි ජනතාවට පිරිනැමිය යුතුයි. ලෝකයේ මොන අර්බුදයක් මතු වුවද අපිට ආහාර පිළිබද අර්බුදයක් මතු නොවන්නේ අපේ ගොවි ජනතාව විසින් දිවා රෑ, අව්ව, වැස්ස, පින්න නොබලා කරනු ලබන කැපවීම නිසයි. ඒ නිසා ලේ, කදුළු, දහදිය මතින් ගොඩනැගුණු ගොවි ජනතාවගේ ජීවිත මීට වඩා උසස් කිරීම වෙනුවෙන් අපිට විශාල සැලසුමක් තිබෙනවා. හොඳ නිවසක්, ආදායම් මාර්ගයක්, මානසික සුවය මෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සහ හොඳ සෞඛ්‍ය පද්ධතියක් යන මේ සියල්ල ලබා දුන්නොත් තමයි ගොවි ජනතාවට හොඳ සාමාජීය ජීවිතයක් උරුම වන්නේ. මේ සියල්ල පිළිබඳ අපි කටයුතු කරමින් සිටිනවා. ගොවි ජනතාවට ගෞරවය පුද කරන අතරම ඔවුන් රැක බලා ගැනීමේ සහ ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම දෑතට ගනිමින් එම කටයුතු සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක් වෙමු’යි කියා මම ඉල්ලා සිටිනවා.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ, උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථානාධිපති හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු සහ ගොවි ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

ඒ පාර සැප්තැම්බර් වෙනකම් නියං කාලයක් එනවා කියලා කාලගුණෙන් කියනවා! I Sri Lanka Latest News

Next Post

ගල් අඟුරු වංචාවේ සමස්ත පාඩුව කෝටි 10000කට වැඩියි! විපක්ෂය පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.