• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා වංචාව තහවුරු වෙද්දි අද අඟුරු කුමාරලා විපක්ෂේ හිටියා නම් කොහොමද? අඟුරු කාලා බලලා මදෙත් කාලා ඇටෙත් කාලා ඇටේ පාටත් කියලා තමයි පස්ස බලන්නේ..! VIDEO I Sri Lanka Latest News

April 8, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘ගල් අඟුරු ගෙන්වීම හරහා රටට විශාල පාඩුවක් සිදුවුණ බවත් ඒ හරහා විදුලි පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් දිගින් දිගටම සමගි ජනබලවේගය කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කරනු ලැබුවා. ඒ වගේම යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාවට ලංකා ගල් අඟුරු සමාගම ඇතුළු ආයතන කැඳවා දත්ත කරුණ සහිතව හෙළි කරන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් සමගි ජනබලවේගය අසත්‍ය ප්‍රචාර කරන බවට ආණ්ඩුවට හිතවත් පිරිසක් චෝදනා රැසක් එල්ල කරනු ලැබුවා. ඒ වගේම ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ඉදිරිපත් කරන කරුණු අසත්‍ය බවත් ආණ්ඩුව සමගි ජනබලවේගයට චෝදනා එල්ල කරනු ලැබුවා. නමුත් ආණ්ඩුව සිදුකළ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ වගේම විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව ගල් අගුරු ගෙන්වීම සඳහා ටෙන්ඩරය ලබා දුන් ට්‍රයිඩන් චැම්පර් නැමැති ආයතනය අගෝස්තු මාසයේ 18 වැනිදා ටෙන්ඩරය කැඳවන විට ලියාපදිංචි වී නොතිබුණ සමාගමක්. කෙසේ නමුත් අගොස්තු 19 වැනිදා කුරියයර් සමාගමක් හරහා ට්‍රයිඩන් චැම්පර් සමාගමට ලංසු ලේඛනය යවා තිබෙනවා. ට්‍රයිඩන් චැම්පර් සමාගම ගෙවිය යුතු ඩොලර් 5000 ක මුදල අගෝස්තු මාසයේ 22 වැනිදා කුවිතාන්සියකින් යවා තිබෙනවා. මේ සියල්ල විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවට ගල් අඟුරු පැමිණෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. ඒ අනුව දකුණු අප්‍රිකානු වරායකින් ගල් අඟුරු නැව් පිටත් වුණ බවට වන වාර්තාව ලැබිය යුතුයි. නමුත් ඉන්දුනිසියාවේ ආයතනයකිනුයි එම වාර්තාව ලැබි තිබුණේ. ඒ වගේම ඉන්දුනිසියාවේ දී පරික්ෂා කරන්නේ දකුණු අප්‍රිකාවෙන් නැව්ගත කරන ගල් අගුරුම දැයි යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාවට විමසා සිටියා. කෙසේ නමුත් දකුණු අප්‍රිකානු සමාගම සහ ඉන්දුනිසියානු සමාගම ගල් අගුරු පරික්ෂා කිරිමට සුදුසු නොවන ආයතන බව වාර්තා වී තිබෙනවා. ඒ වගේම 2026 මාර්තු 31 වැනිදා වනවිටත් ගල් අගුරු පරික්ෂා කළ මෙම ආයතන සුදුසුකම් නොලැබූ සමාගම් බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම ගල් අගුරු වල ගුණාත්මකභාවය පිළිබඳව ඉන්දියානු සමාගමකින් වාර්තාවක් ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ නමුත් මෙම ගල් අගුරු ලක්විජය බලාගාරයට දැමු පසු ලැබෙන වාර්තාව සත්‍ය බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ වගේම ආනයනික ගල් අඟුරු නැව් 12 අතරින් පළමු නැව සහ 9 වන නැව හැර අනෙකුත් නැව්වල තිබුණ ගල් අගුරු ප්‍රමිතියෙන් යුක්ත බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම සිදුකළ පරික්ෂණ වාර්තාවල ගැටලුවක් නැති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. කෙසේ නමුත් ඉන්දියානු සමගාම නිකතු කළ වාර්තාව විගණනයට එකඟවිය නොහැකි බවත් විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා. එම සමාගම ගල් අගුරු ප්‍රමිතියෙන් යුක්ත බව සඳහන් කළත් ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ජනනය වෙන්නේ නැහැ. ඒ අනුව ගල් අගුරු නැව් සියල්ලගේම අදාළ කිලෝ කැලරි ප්‍රමාණය නැති බව සමගි ජනබලවේය ප්‍රකාශ කළා. නමුත් සමගි ජනබලවේගය අසත්‍ය ප්‍රකාශ කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා.

ඒ වගේම ගල් අඟුරු සපයන සමාගම අවුරුදු තුනක් ඇතුළත මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 10 ක් ආනයනය කළ සමාගමක් විය යුතුයි. නමුත් ලංකාවට ගල් අගුරු ගෙන්වීමට ටෙන්ඩරය ලබාදුන් සමාගමට එම කොන්දේසිය වෙනස් කර එය ලක්ෂ 5 දක්වා අඩු කරන්නත් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම ගල් අගුරුවල කිලෝ කැලරි 5900 ක් අඩංගු විය යුතුව තිබුණත් එම කොන්දේසියත් වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. පසුගිය මාස 36 තුළ ගල් අගුරු සැපයිමේදී සපයා තිබුණ මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක ප්‍රමාණයෙන් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් ප්‍රතික්ෂේපිත මට්ටම වු කිලෝ කැලරි 5900 හො ඊට වැඩි ලෙස ඇතුළත් කිරීම හේතුවෙන් දල තාප ජනන අගය ප්‍රතික්ෂේප මට්ටමේ හෝ ඊට ආසන්න මට්ටමේ ගල් අගුරු සපයා පලපුරුද්ද ඇති සැපයුම්කරුවන්ට ද මෙම බලාගාරය සඳහා ගල් අගුරු සැපයිමට අවස්ථාව සලසා දී ඇති බව නිරික්ෂණය වන බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ලක්ෂ 5 ලක්ෂයට අඩුකළ පසු දුෂිත සමාගම්වලට ගල් අගුරු ටෙන්ඩරයට ඇතුළත් වීමට හැකියාවක් ආණ්ඩුව ලබාදී ඇති බව සමගි ජනබලවේගය සිදුකළ ප්‍රකාශය විගණකාධිපතිවරයා සනාථ කර තිබෙනවා.

ඒ වගේම ගල් අගුරු තොගයන්හි ඉහළම දල කැලරි වටිනාකම කිලෝ කැලරි 5900 ත් 6000 ත් අතර පැවැති ප්‍රමාණය මෙට්ට්‍රික්ටොන් දෙකලක්ෂ අනූ එක්සදහස් අටසිය හතලිහක් වී තිබුණද සපයා තිබු ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 18 කට අධික ප්‍රමාණයක් අතුරින් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 15 ක දල වටිනාකම කිලෝ කැලරි 4900 ත් 5900 ත් අතර පැවැති බව නිරික්ෂණය වන බව විගණකාධිපතිවරයා සනාථ කර තිබෙනවා. ඒ වගේම ගල් අගුරු නැව් 9 ක් සඳහා විදුලි බල මණ්ඩලය ගණනය කර තිබුනේ මිලියන 8497 යි. ඒ ඉන්ධන මිල වැඩිවීමට පෙරයි. ඉන්ධන මිල වැඩිවුණාට පසුව එම පාඩුව මිලියන 11,000 ක් පමණ වෙනවා.

ඒ වගේම පළමු ගල් අගුරු නැව් 3 ලංකාවට පැමිණෙන විට එම ටෙන්ඩරය අවලංගු කිරිමට හැකියාවක් තිබෙනවාදැයි යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාව විමසිමක් සිදුකළා. නමුත් නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. නමුත් ගිවිසුම අවලංගු කිරිමට හැකියාවක් තිබෙන බව නිතිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙම ගිවිසුම අහෝසි කර දෙවැනි තුන්වැනි සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරන්නැයි යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාව උපදෙස් ලබා දුන්නා. නමුත් එය සිදුකළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අවස්ථාවේ අනෙකුත් සැපයුම්කරුන්ට ගල් අගුරු ගෙන්විම ඉඩ ලබාදුන්නානම් ගල් අගුරු නිසි වෙලාවට ලංකාවට පැමිණෙන්න ඉඩ තිබුණා. වැඩිපුර ගෙවිමක් සිදුකරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු නැව් ලංකාවට පැමිණෙන්නෙත් නැහැ. නමුත් ආණ්ඩුව ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙන්වු සමාගමේ ටෙන්ඩරය අවලංගු නොකර , ප්‍රමාද ගාස්තු අය නොකර කාලයත් දිර්ඝ කරලා හොර රහසේම හදිසි ගල් අගුරු මිලදී ගැනිමක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත් ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් එකක් ආනයනය කරනු ලැබුවේ ඩොලර් 98.50 කට. නමුත් හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් එකක් ආනයනය කරනු ලබන්නේ ඩොලර් 142 කට. ඒ අනුව හදිසි මිලදි ගැනිම් යටතේ ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 3 ක් ආනයනය කරන්න සුදානම් වෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 42,000 ක් වැඩිපුර ගෙවිමට සිදුව තිබෙනවා. කෙසේ හෝ හදිසි මිලදී ගැනිම් යටතේ ගල් අගුරු ගෙන්විමට ලබාදුන්න සමාගමත් සුදුකම් ලබානැති බවත් විගණකාධිපතිවරයා ප්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම හදිසි මිලදි ගැනිම් යටතේ ගල් අගුරු ගෙන්විමට ලබාදුන් සමාගම සැපයු ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 11 කට ආසන්න ප්‍රමාණයේ දළ කැරලි වටිනාකම 5900 ට පහළ අගයක් ගන්නා බවත් විගණකාධිපතිවරයා ප්‍රකාශ කරනු ලබනවා.

කෙසේ නමුත් ගල් අගුරු නැව් 9 යෙන් මිලියන 11,000 ක පාඩුවක් සිදුවී තිබෙනවා. ඒ වගේම ගල් අගුරු නැව් 5 කින් ප්‍රමාද ගාස්තු නොගෙවිම හරහා ලෙස ඩොලර් ලක්ෂ 4 ක පමණ පාඩුවක් සිදුවී තිබෙනවා. නැව් 18 සඳහා ප්‍රමාද ගාස්තු නොගෙවිමෙන් ඩොලර් ලක්ෂ 20 ක පමණ පාඩුවක් සිදුවෙනවා. ඒ වගේම හදිසි මිලදි ගැනිම හරහා ඩොලර් ලක්ෂ 42000 ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. කෙසේ නමුත් හදිසි මිලදි ගැනිම් යටතේත් ගල් අගුරු ගෙන්විම සිදුකර ඇත්තේ සුදුසුකම් නොලත් සමාගමකින්. ඒ වගේම ප්‍රමිතියෙ න් තොර ගල් අගුරු ගෙන්විම හේතුවෙන් මාර්තු මාසයේදී රුපියල් මිලියන 10,000 ක පමණ මුදලට ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගෙන තිබෙනවා. ඒ නිසා විදුලි කප්පාදුව අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒ වගේම ආසියාවේ විශාලතම විදුලිබිල සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

ඒ වගේම මහ බැංකු වාංචාව පිළිබඳව විශ්ලේෂනාත්මකව කතා කළ බොහෝ මාධ්‍ය ආයතන මිලියන තිස්දාහක ගල් අගුරු වංචාව සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කණගාටුවට පත් වෙනවා.‘‘

SendShareShare
Previous Post

බිමල් පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක සුපිරියටම හදලා අද ජනතාවට බාරදුන්නා! හෙට කොටුව ස්ටේෂන් එකේ වැඩ පටන් ගන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල ආපහු වැඩිවෙනවා කියලා විපක්ෂනායක සජිත් කියලා කට ගන්න හම්බවුණේ නෑ! 15%කින් ලයිට් බිල වැඩි කරන්න ඉල්ලීමක් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.