• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය රටට කියපු ගල්අඟුරු වංචාව විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කරලා! අක්‍රමිකතා රැසක් එළියට! ටෙන්ඩරය දීලා තියෙන්නේ ලියාපදිංචි වෙලාවත් නැති සමාගමකට! ප්‍රමිතිය පරීක්ෂා කරපු සමාගමට බලපත්‍රය යාවත්කාලීන කරලත් නෑ! ලංකා ගල්අඟුරු සමාගමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණත් ඒ ගැන හොයලා බලලා නෑ! ක්ෂණික ටෙන්ඩරය දුන්නු සමාගමත් නියමිත කැලරි ප්‍රමාණයෙන් ගල්අඟුරු සපයා නෑ! VIDEO I Sri Lanka Latest News

April 7, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
හරියට වැඩක් කරන්න දෙන්නේ නෑ! ගල්අගුරු සභාපති ඉල්ලා අස්වෙයි! කංචනට ලියුම යවයි!
Share on WhatsAppShare on Facebook

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.Sri Lanka Latest News

ඒ අනුව ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ.

විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය.

වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ වන්නේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි.

2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී එම ප්‍රසම්පාදනයෙහි මෙන්ම මිලදීගත් ගල්අඟුරු අපේක්ෂිත ප්‍රමිතියට නොතිබීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.

ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025 / 2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, ජාතික විගණන කාර්යාලය මගින් මේ වනවිට නිකුත්කර තිබේ. 

එහි දැක්වෙන්නේ, මෙම ප්‍රසම්පාදනයේදී ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදුකරන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබූ බවය.

එසේවුවද එම දිනය වනවිට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කරනොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්‍රසම්පාදනයට තෝරාගත් ට්‍රයිඩන්ට් සමාගම ද එදින වනවිට ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ.

මිලදීගත් ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත ප්‍රමිතීන්ගෙන් සමන්විත වේදැයි පැටවුම් වරායේදී හා ගොඩබෑම් වරායේදී ස්වාධීන පරීක්ෂකයෙකු මගින් පරික්ෂාවකට ලක්කරනු ලබන අතර, පැටවුම් වරායේදී විකුණුම්කරු පත්කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතින්වලට යටත්ව ගල්අඟුරු සාම්පල පරික්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වනවිට බලපත්‍රය අවලංගු වූ PT Mitra SK Analisa Testama Samarinda නම් ඉන්දුනීසියානු සමාගමකට පවරා තිබේ.

කෙසේවෙතත් අදාළ සමාගමේ බලපත්‍රය 2026 වසරේ මාර්තු 31 වැනිදා වනවිටත් යාවත්කාලීන කර තිබුණු බවට විගණනයේදී කරුණු අනාවරණය වී නොමැත.

කෙසේවුවද ලැබී තිබුණු නැව්තොග 12ටම අදාළ පැටවුම් වරායෙහි වාර්තා ප්‍රතීතනතාවයක් නොමැති බව හඳුනාගන්නා ලද Mitra SK South Africa හිමිකාරි සමාගම විසින් නිකුත් කර ඇති බව විගණන වාර්තාව පෙන්වා දී තිබේ.

ඒ අනුව වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයෙන් ලබාගන්නා දත්ත අතර පරස්පරතා පැවතියදීත් පැටවුම් වරායේ වාර්තා සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීමට ලංකා ගල්අඟුරු සමාගමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණද ඒ කිසිවක් භාවිත කිරීමට එම සමාගම කටයුතු කර නොමැති බවයි.

එමෙන්ම වසර පුරා ශ්‍රී ලංකාවට ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා මෙරටට ගල්අඟුරු සපයාගත හැකි කාල සීමාවේ උපරිම වශයෙන් එය සිදුකළ යුතු වුවත් එම අවස්ථාව පැවති 2025 වසරේ නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලයේ කිසිඳු ගල්අඟුරු නැව්තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ප්‍රසම්පාදනය සිදුකිරීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

අනතුරුව, නියමිත ප්‍රමාණයට අඩුවෙන් නැව් පැමිණීම නිසා මේ වසරේ මාර්තු 18 වැනිදා ක්ෂ්‍ණික ප්‍රසම්පාදනයකින් ගල්අඟුරු මිලදී ගැනීමට සිදුවී තිබුණු අතර එහිදී තෝරාගත් Taranjot Resource පුද්ගලික සමාගම ද තම ලියාපදිංචිය ලබාගන්නා අවස්ථාවට පෙර මාස 36ක කාලය තුළ ලක්විජය බලාගාරයේ දළ තාපජනන අගය ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝකැලරි 5,900 හෝ ඊට වැඩියෙන් සැපයීමට අපොහොසත් වී තිබූ සමාගමක් බවද විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ. 

මෙම තත්ත්ව සැලකූවිට නියමිත කාලයට ගල්අඟුරු නැව් ගෙන්වාගැනීමට නොහැකිවීමත්, ඉදිරියේදී ඇතිවිය හැකි පාලනය කළ නොහැකි තත්ත්ව මත ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවට ගල්අඟුරු ප්‍රමාණවත් නොවුණහොත් අඛණ්ඩ විදුලිබල සැපයුමකට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විගණනකාධිපතිවරයා මෙම විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

SendShareShare
Previous Post

ඇයි සරත් කලබල..? VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවේ මුජිබර් කියලා පැය කීපයයි ගියේ! නොකියම ප්‍රදේශ කිහිපයක කරන්ට් එක කපලා! මිනිස්සු කුණුහරුපෙන් බනින්නේ..! කුමාර ජයකොඩි ඇමැතිතුමා නම් කිව්වේ සාමාන්‍ය විදුලි බිදවැටීම් කියලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.Sri Lanka Latest News සමගි ජන...

Read more
තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.