• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් උගත් මහාචාර්යවරයෙක් සජිත් වෙනුවෙන් පෙරට එයි! විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඇත්ත! මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න එක පෙළට..! සජිත් කියපු කරපු දේවල් ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

April 7, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
තවත් උගත් මහාචාර්යවරයෙක් සජිත් වෙනුවෙන් පෙරට එයි! විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඇත්ත! මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න එක පෙළට..! සජිත් කියපු කරපු දේවල් ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘අද වනවිට ජිවන වියදම දරා ගැනීමට නොහැකි ලෙස අහස උසට ගොස් තිබෙනවා. ඒ වගේම විදුලි ගාස්තු , ජල ගාස්තු , ඉන්ධන ගාස්තු , ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ජනතාවට ජිවන තත්ත්වය සමඟ විශාල අරගලයකට මුහුණ දී සිටිනවා. රටේ ජනතාවගෙන් තුනන් එකක පිරිසක් මේ හේතුවෙන් දැඩි අසරණභාවයකට පත්ව සිටිනවා. තවත් පිරිසක් දුප්පත්භාවයේ විෂමචක්‍රයට ආසන්න වෙලා තිබෙනවා.

ඒ වගේම ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවන බවත් , ජනතාවට සවන් දෙන බවත් , ජනතාවගේ සියලුම ප්‍රශ්න විසඳන බවත් ලෝක වෙළඳ පොලේ භාණ්ඩ මිල ඉහළ යන අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල වැඩි කිරීමට ආණ්ඩුවක් අවශ්‍ය නැති බවත් වර්තමාන රජය බලය ලබා ගන්නා විට ප්‍රකාශ කළා. කෙසේ නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළ මෙම ප්‍රකාශ අද වනවිට බොරු පච බවට පත්වී අවසානයි.

ඒ වගේම ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ දමන්න වර්තමාන රජය කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ගෑස් මිල ඉහළ දැමිම මැදපෙරදිග යුද්ධය නිසා ඇතිවූවක් නෙවෙයි. රටට ගෑස් ප්‍රශ්නය බලපානු ලැබුවේ මැදපෙරදිග යුද්ධය ඇතිවීම පෙරයි. වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව ගෑස් ගෙන්විම වෙනත් සමාගමකට භාර දෙන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ගෑස් ගෙන්වන සමාගමට ගෑස් ගෙන්වන්න අවශ්‍ය පහසුකම් තිබෙනවාද , ශ්‍රී ලංකාවට අඛණ්ඩව ගෑස් සැපයිමේ හැකියාවක් එම සමාගමට තිබෙනවාද , යන්න පිළිබඳව සොයා බැලීමක් රජය සිදුකරලා නැහැ. ඒ වගේම ගෑස් නැව්වල තිබෙන ගෑස් ගොඩබිමට ගෙන ඒම සඳහා අවශ්‍ය සම්පත් තිබෙනවාද යන්න පිළිබඳව කිසිදු විමර්ශනයක් නොකර අලුත් ගෑස් සමාගමකට ගෑස් ටෙන්ඩරය ලබා දෙන්න රජය කටයුතු කරනු ලැබුවා.

ඒ වගේම මැදපෙරදිග යුද්ධය හේතුවෙන් හොමුස් සමුද්‍ර සන්දිය වසා දැමිමේ ඉඩ කඩක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාර්තු 3 වැනිදා ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ දේවල් පිළිබඳව අවදානය යොමු කළේ නැහැ. නමුත් මේ වනවිට හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තිබෙන නිසා නැව් ගමනා ගමනයට බාධා ඇති වී තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ඉන්ධන බෙදා හරින ප්‍රබල සමාගම් සහ රටවල් සමඟ සාකච්ඡා කර ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශ පිළිබඳව ආණ්ඩුව අවදානයක් යොමු කළේ නැහැ.

කෙසේ නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය හරහා විවෘති කර ප්‍රචාරය කරනවා. මෙය සිදුනොවිය යුතු දෙයක්. ජනතා විමුක්ති පෙරමුණ දේශාපලන දර්ශනයක් තිබුණ පක්ෂයක්. නමුත් ජාතික ජනබලවේගයට එවැනි දේශපාලන දර්ශනයක් තිබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ දර්ශනය තුළ තිබුණ කිසිවක් බලය ලබාගත් පසු යථාර්තයක් වෙලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ දර්ශනයට සිදුවුණ දේ පිළිබඳව ප්‍රශ්යක් මතුවෙනවා.

ඒ වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ආණ්ඩුව බලයක් නොමැතිව ජනතාව වෙනුවෙන් සේවාවක් සිදුකරන්න කටයුතු කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට මුදල් ලබා දෙමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ විපක්ෂයේ දේශපාලඥයින් ඉලක්ක කරගනිමින් විවිධ මඩ ප්‍රහාර එල්ල කරන්න කටයුතු කරනු ලබනවා. මේ හේතුවෙන් ජනතාවට ඇත්ත දැනගැනීමට තිබෙන අවස්ථාව ක්‍රමක් ක්‍රමයෙන් ගිලිහි යනවා. රටේ පක්ෂ විපක්ෂ දේශාපලන පක්ෂ සියල්ල එකතු වී සුහදව එකමුතු වී රට ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුයි. නමුත් විපක්ෂය ප්‍රකාශ කරන දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුව සවන් දෙන්නේ නැහැ. ආණ්ඩුව සිදුකරන යම් යම් දේවල් හරහා අවසානයේදී රටේ ඊළඟ පරම්පරාව විනාශයට පත්වෙනවා.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය බලය ලබා ගත්තත් බලය ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඒ වගේම කළමනාකාරිත්වයේ දුර්වලතා හේතුවෙන් ජනතාව මත අධික බදු බරක් පටවා ජනතාව පීඩාවට පත් කරන්න ආණ්ඩුව සෑම විටම උත්සහ කරනු ලබනවා. කෙසේ නමුත් ආණ්ඩුවට රට පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම සියල්ලම මැදපෙරදිග යුද්ධයට බැර කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. නමුත් මීට පෙර සිටි නායකයන් රට තුළ පැවැති අර්බුද සහ ලෝකයේ පැවැති අර්බුද මනාව කළමනාකරණය කරමින් රටේ ජනතාව පීඩාවට පත් නොකර දක්ෂ ලෙස පාලන බලය ඉදිරියට ගෙන යන්න කටයුතු කරනු ලැබුවා. නමුත් සියලුම සම්පත් තිබියදීත් ආණ්ඩුවට මෙම අර්බුද කළමනාකරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට රටේ ජනතාව සම්බන්ධයෙන් කතා කරන්න හඩක් නගන්න අයිතියක් තිබෙනවා. ඔහු ජනතාව කෙරෙහි සංවේදි නායකයෙක්. ඒ වගේම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලබනවා. ඒ වගේම ජාති ආගම් භේදයකින් තොරව ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න සෑම අවස්ථාවදීම කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය පමණයි. එවැනි පුද්ගලයෙකුට මඩ ප්‍රහාර එල්ල කිරිම සාධාරණ නැහැ.

ඒ වගේම උදය ගම්මන්පිල මහතා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ වීම සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහක් ඇති වී තිබෙනවා. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා උදය ගම්මන්පිල මහතා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්විමේ උත්සවයට යාම වරදක් නැහැ. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අනෙකුත් පක්ෂවල සමාජිකයන් සමඟ එකට එකතුවෙලා ගමනක් යා යුතුයි. ඒ වගේම මෙම ග්‍රන්ථයේ අන්තර්ගත දේවල්වලට එකඟවන බව එයින් අදහස් වන්නේ නැහැ. ඒ වගේම උදය ගම්මන්පිල මහතාගේ ග්‍රන්ථයේ අන්තර්ගත දේවල් පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා නිල ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු වහන්න කටයුතු කරන්නේ නැහැ.

ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය සොයන්න කල් ගත්තා වැඩියි. ඒ විමර්ශන කඩිනම් විය යුතුයි. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයන්න කමිටුවක් පත් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලිමක් කරනු ලැබුවා. ඔහු එහිදී කරුණු 6 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කොමිසමක් ඇති කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ස්ථිර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලිමක් සිදුකළා. ඒ වගේම අභිචෝදන කාර්යාලයක් ඇති කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් කතෝලික සභාවත් දන්නවා. ඒ නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ඇති කළ යුතුය. ඊළග ඡන්දයටත් මෙම මාතෘකාව ගෙන යාම සාධාරණ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූවන්ට සාධාරණයක් ඉටු විය යුතුයි.‘‘

SendShareShare
Previous Post

ගම්වල පටන් ගත්ත විරෝධතා ප්‍රාදේශීය සභාවලටත් එයි! පැල්මඩුල්ලේ විපක්ෂ මන්ත්‍රීවරු ගෑස් ටැංකි-දර මිටි-බෝඩ් උස්සන් සභාවට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

විදුලි බිලට-ගෑස් මිලට-තෙල් මිලට එරෙහිව බේරුවල මන්ත්‍රීවරුත් එළියට බැස්සා! දර මිටිත් උස්සගෙන සභාවට ඇවිත්! ආණ්ඩුවට විරුද්ධව කළු පටිත් බැඳලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.