• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ සල්ලි බෙදිල්ල එළියට: වැඩිම පළාත් සභාවලට: දෙක ආරක්ෂාවට: අඩුම බලශක්තියට

August 23, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ සල්ලි බෙදිල්ල එළියට: වැඩිම පළාත් සභාවලට: දෙක ආරක්ෂාවට: අඩුම බලශක්තියට
Share on WhatsAppShare on Facebook

ඉදිරි මාසවලදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිශ්චිත කරමින් නොවැම්බරයේ ආණ්ඩුව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අතුරු සම්මත ගිණුමෙන් විශාල මුදල් ප්‍රමාණයක් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වෙන් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එම අමාත්‍යාංශයට රුපියල් බිලියන 194ක් වෙන් කර ඇති අතර වැඩිම මුදල් වෙන් කොට ඇත්තේ එම අමාත්‍යංශයටය.

දෙවනුවට වැඩිම මුදල් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට වන අතර එම මුදල රුපියල් බිලියන 174කි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය රුපියල් බිලියන 136ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී.

රාජපක්ෂ මහතා සතුව ඇති අනෙකුත් අමාත්‍යාංශ දෙක වන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පිළිවෙලින් රුපියල් බිලියන 27 ක් සහ රුපියල් බිලියන 2.8 ක් වෙන් කර ඇත.

ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයකට සැලකිය යුතු ලෙස කුඩා ප්‍රතිපාදන ලැබී තිබේ. වරාය හා නාවික අමාත්‍යාංශයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 4.1ක් පමණක් වන අතර ඉඩම් අමාත්‍යාංශයට රුපියල් බිලියන 4.4ක් ලබා ගැනීමට නියමිතය. වැවිලි අමාත්‍යාංශයට රුපියල් බිලියන 4ක් ද, විදුලිබල අමාත්‍යාංශයට රුපියල් බිලියන 5.2 ක් ද ලබා දී තිබේ.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මහතාට අයත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයට රුපියල් බිලියන 5.4 ක වැඩි ප්‍රතිපාදනයක් ලැබෙනු ඇත.

ඉහළ ප්‍රතිපාදන ඇති අනෙකුත් අමාත්‍යාංශ අතර මහාමාර්ග අමාත්‍යාංශය රුපියල් බිලියන 88ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 76 ක් ද වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 70ක් ලැබෙනු ඇත. ජල සම්පාදන අමාත්‍යාංශයට රුපියල් බිලියන 35ක්, ප්‍රවාහන අමාත්‍යාංශයට රුපියල් බිලියන 33ක්, කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් බිලියන 28ක් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 16ක් ලැබෙනු ඇත.

නව රජය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය දෙකට බෙදූ අතර බලශක්ති අමාත්‍යාංශයට ලැබෙන්නේ රුපියල් මිලියන 79ක් පමණි. පරිසර අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 535 ක් ලබා ගනී.

COVID-19 වසංගතය හේතුවෙන් සංචාරක අංශය දැඩි ලෙස පීඩාවට පත්ව සිටියද සංචාරක අමාත්‍යාංශයට වෙන් කොට ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණි.

සිව්වන අඩුම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ කම්කරු අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 1.6කි.

වෙළඳ, කර්මාන්ත, ධීවර හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශවලට ද රුපියල් බිලියන 3කට අඩු මුදලක් ලැබෙනු ඇත.

SendShareShare
Previous Post

ජනපති නාහිමිවරුන්ගේ සුවදුක් විමසයි (PHOTOS)

Next Post

TNA ඇතුළේ අලි ගෝරියක්: සුමන්තිරන් විසිවන ලකුණු

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.