හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ප්රකාශයක් ලබාදීම සඳහා අගෝස්තු 26 වන දා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙසට කර තිබූ දැනුම් දීම ප්රතික්ෂේප කර ඇති ඒ මහතා තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත්, සිය කොළඹ නිවසට පැමිණ ප්රකාශ ලබා ගන්නා ලෙසත් කොමිසමට දැනුම් තිබේ.
ඒ අනුව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන නිලධාරීන් විසින් එම නියමිත දිනයේ දී මෛත්රීපාල සිරිසේන මහතා හමුවී ප්රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.








