• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණු ආසියාවේ අක්කයි නංගියි- අයියයි මල්ලියි (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

August 22, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
දකුණු ආසියාවේ අක්කයි නංගියි- අයියයි මල්ලියි (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)
Share on WhatsAppShare on Facebook

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස තේරී පත්වීමට ප්‍රථම රාජකාරි කළේ ගුජරාටයේ මහ ඇමැතිවරයා ලෙසටය. මෝඩි පිට පිට තුන් වතාවක්ම ගුජරාටයේ මහ ඇමැතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්විය. මෝඩිගේ මේ ගමන දුටු බොහෝ දෙනා හිතුවේ මෝඩි කවදා හෝ බී.ජේ.පී. නායකයා වනු ඇතැයි කියාය.
ගුජරාටයෙන් නැඟුණු මේ මෝඩි උණුසුම එකල දිල්ලිය පාලනය කළ කොංග්‍රස් ආණ්ඩුවටද දැනී තිබිණ. කොංග්‍රස් ආණ්ඩුවද හිතුවේ මෝඩි කවදා හෝ බී.ජේ.පී.යේ බලය අල්ලා ඊළඟ අගමැති අපේක්ෂකයා ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කියාය.
කොහොම වුණත් මෝඩි ගුජරාටයේ මහ ඇමැතිවරයා ලෙස තුන්වැනි වරටත් තේරී පත්වීමෙන් පසු කොංග්‍රස් ආණ්ඩුවද ජයපැන් බිව්වේය. ඊට හේතුව වුණේ දැන් නම් නියත වශයෙන්ම මෝඩි බී.ජේ.පී.යේ අගමැති අපේක්ෂකයා ලෙස සටනට එනු ඇති බවට කොංග්‍රස් ආණ්ඩුවට වැටහී යෑම නිසාය. මොකද ඒ වන විට ගුජරාටයේ හින්දු, මුස්ලිම් කැරලි කෝලාහල විශාල ලෙස වර්ධනය වී තිබුණු අතර, මුස්ලිම්වරුන්ට පහරදීම සඳහා හින්දු ජාතිකයන්ට නායකත්වය ලබා දුන් බවට මෝඩිට විශාල චෝදනාවක්ද එල්ලවී තිබිණ. මෝඩි ගුජරාටයේ සුළු ජාතිකයන් වූ මුස්ලිම්වරුන්ව විනාශ කිරීමට නායකත්වය සැපයූ බවටත් විශාල චෝදනාවක් එකල එල්ල වී තිබිණ. සුළු ජාතික මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කරන දැඩි හින්දු භක්තික උන්මාදයකින් පෙළෙන අයකු ලෙසට එකල මෝඩිගේ ප්‍රතිරූපය වර්ධනය වී තිබිණ. ඒ අනුව කොංග්‍රසය හිතාගෙන හිටියේ මෝඩි බී.ජේ.පී.යෙන් අගමැති අපේක්ෂකත්වය ගෙන මහ මැතිවරණයට ඒම කොංග්‍රසයට ලොකු වාසියක් යැයි කියාය. නියත වශයෙන්ම සුළු ජාතික ඡන්ද මෝඩිට නොලැබෙන නිසාත්, සුළු පක්ෂවල සහාය මෝඩිට නොලැබෙන නිසාත් නියත වශයෙන්ම මෝඩිව පරාජය කළ හැකි බවට කොංග්‍රසය ලොකු විශ්වාසයක සිටියේය. බී.ජේ.පී.යේ ප්‍රබල නායකයකු වූ අද්වානි ලැබූ පරාජයටත් වඩා බරපතළ පරාජයකට මෝඩිට මුහුණදීමට සිදුවනු ඇති බවට කොංග්‍රසය කැට තියා කියා සිටියේය.
කොංග්‍රසය හිතුවා වගේම මෝඩි තුන්වැනි වරට මහ ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසුව බී.ජේ.පී. අගමැති අපේක්ෂකයා විය. හැබැයි කොංග්‍රසයට තරු විසිවුණේ 2014 මැයි මස පැවැති මහ මැතිවරණයෙන් එවකට අගමැතිවරයා වූ මංමෝහන් සිං පරාජය කොට මෝඩි අගමැතිවරයා ලෙස තේරී පත්වෙද්දීය. මේ අනපේක්ෂිත පරාජයෙන් පසු කොංග්‍රසය පරාජයට හේතු වූ කරුණු මොනවාද කියා සොයා බැලුවේය. එතකොට ඔවුන්ට වැටහී ගියේ සුළු ජාතික ඡන්ද නොමැතිව මහ ජාතිය වූ හින්දු ඡන්දවලින්ම මෝඩි ජයග්‍රහණය කොට ඇති බවය.
මෝඩිගේ මේ කතාව මතක් වුණේ ගෝඨා ඡන්දයට ආපු විදිහ බලන විටදීය. මොකද ගෝඨාත් ජනාධිපතිවරණයට ආවේ මෝඩි මහ මැතිවරණයට ආපු විදිහටමය. ඒ කාලයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් සිතා සිටියේ 19 වැනි සංශෝධනයෙන් මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි කරලා, ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය දාල ගෝඨාටයි, බැසිල්ටයි ජනාධිපතිවරණයට එන්න නොහැකි තත්ත්වයක් ඇති කළාම 2019 ජනාධිපතිවරණයත් පහසුවෙන්ම මෛත්‍රිපාලට හරි රනිල්ට හරි දිනන්න පුළුවන් වෙයි කියාය. හැබැයි පසුව ගෝඨා සිය ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගෙන ජනාධිපතිවරණයට එන්න සූදානම් වෙනවා කියල දැනගත්තම මෛත්‍රි – රනිල් පාර්ශ්ව දෙකම ඒකට අත උඩින් කැමැති වුණේ තමන්ට පරද්දන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ගෝඨා යැයි හිතාගෙනය. ඒකට හේතුව වුණේ ගෝඨාට ඒ වෙද්දි රට ඇතුළේ තිබුණු සුළු ජාතික විරෝධයය. යුද ජයග්‍රහණයෙන් පසුව ආරක්ෂක ලේකම්වරයා ලෙස එවකදී ගෝඨා උතුරු-නැඟෙනහිරට හමුදාව යෙදීම හරහා උතුරු-නැඟෙනහිර දමිළ ජනතාවගේ විශාල විරෝධයක් ගෝඨා කෙරෙහි නිර්මාණය වී තිබිණ. මීට අමතරව මහින්දගේ ආණ්ඩුවේ අවසන් කාලයේදී අලුත්ගම ඇති වුණු මුස්ලිම් කෝලාහලය පිටුපස ගෝඨා සිටි බවට එවක විපක්ෂය රට පුරාම මතයක්ද නිර්මාණය කර තිබිණ. ඒ නිසා දෙමළ, මුස්ලිම් ජනතාව මහින්දට හා බැසිල්ට කැමැති වුණත් ගෝඨාට නම් කිසිසේත්ම ඡන්දය නොදෙන බව විපක්ෂයේ අය සිතා සිටියහ. සුළු ජාතික ඡන්ද නැතිව ගෝඨාට දිනන්න බැරි බවට ඔවුහු ගණන් හැදූහ.
වරක් ගෝඨා සම්බන්ධයෙන් එජාපය ඇතුළේ පැවැති රහස් සාකච්ඡාවකදී ගෝඨාගේ පුරවැසිභාවයේ ෆයිල් එක අතේ තියාගෙන කතා කළ රනිල් එහි සිටි අනෙකුත් එජාප ජ්‍යෙෂ්ඨන්ගෙන් අසා තිබුණේ ‘ගෝඨා එන එක නේද අපිට වාසි’ යැයි කියාය. ගෝඨා ආවොත් සුළු ජාතික ඡන්ද ගෙඩිය පිටින් එජාපයට වැටෙනු ඇති බව ඔවුන්ගේ ගණන් හැදිල්ල විය. කොහොමත් දකුණේ සිංහල ඡන්ද දෙකට බෙදෙන බැවින් සුළු ජාතික ඡන්දවලින් ගොඩයා හැකි බව එජාපය සිතා සිටියේය.
හැබැයි ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී එජාපයට වී තිබුණේත් ඉන්දියාවේ කොංග්‍රසයට වෙච්ච දේමය. මෝඩි සුළු ජාතික ඡන්ද නැතිව හින්දු ඡන්දවලින්ම දින්නා වගේ ගෝඨා සුළු ජාතික ඡන්ද නැතිව සිංහල බෞද්ධ ඡන්දවලින් දිනා තිබිණ. සුළු ජාතික ඡන්ද ගෙඩිය පිටින් එජාපයට වැටුණත් ගෝඨාට සිංහල බෞද්ධ ඡන්ද ගෙඩි පිටින් වැටී තිබිණ.
ලංකාවේ මේ ඡන්දයේ හැසිරීම මෝඩි හොඳහැටි නිරීක්ෂණය කොට තිබිණ. ගෝඨාත් ලංකාවේ ඡන්දෙන් දින්නේ තමන් දිනූ ආකාරයටම බව එහිදී මෝඩිට වැටහී ගොස් තිබිණ. හැබැයි ඒ වන තෙක් මෝඩිට උපදෙස් දුන් උපදේශකයන් ගෝඨා ගැන මවා තිබුණේ වැරැදි චිත්‍රයකි. ඔවුන් මෝඩි ඉදිරියේ මවා තිබුණේ ගෝඨා යනු දැඩි චීන හිතවාදී පුද්ගලයකු බවත්, සුළු ජාතික විරෝධියකු බවත්ය. මේ නිසාම එවක ජනාධිපති මහින්ද පළමුවරට ගෝඨාව මෝඩිට මුණගැස්වූ අවස්ථාවේදී මෝඩි ගෝඨා සමඟ වචනයක්වත් කතා කළේ නැත.
හැබැයි වැඩිකල් යන්නට මත්තෙන් මෝඩිට ගෝඨා යනු තමන්ගේම මොඩලයේ අයකු බව වැටහිණ. තමන් වගේම ගෝඨා මහ ජාතිය ආරක්ෂා කරන නායකයකු බවට වැටහී ගොස් තිබිණ. සුළු ජාතික විරෝධී ඒකාධිපති නායකයකු ලෙස තමන්ට ගසා තිබූ හංවඩුව ලංකාවේදී ගෝඨාටද ගසා තිබුණු බව මෝඩිට පෙනී ගොස් තිබිණ. ගෝඨා යනු කවුරුන්දැයි කියා මෝඩි වටහා ගත්තේ මේ ගැන තමන්ම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
පසුගිය ජනාධිපතිවරණයේදී ලංකාවේ කිසිදු අපේක්ෂකයකුට සහාය පළ නොකොට නිහඬව සිටින ලෙසට මෝඩි සිය උපදේශකයන්ට උපදෙස් දුන්නේ ඒ අනුවය. එතැනින් නොනැවතුණු මෝඩි ගෝඨාභය ජනාධිපතිවරණය දිනූ සැණින් පෞද්ගලිකවම ගෝඨාට කතාකොට සුබපැතුවා පමණක් නොව මුලින්ම ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමටද පියවර ගත්තේය. ලංකාවේ කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම ගෝඨාට කතාකොට සුබපැතීමටද මෝඩි පියවර ගත්තේය.
කලක් ඉන්දියාවේ ප්‍රබලතම කාන්තාවක වූ ඉන්දිරා ගාන්ධි අගමැතිකම දරද්දී ලංකාවේ අගමැතිවරිය ලෙස කටයුතු කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. ඉන්දිරා මෙන්ම මැතිනියද කාන්තාවන් වුව ඉතා ශක්තිමත් චරිත දෙකක් ලෙස එදා ලෝකය හඳුනාගෙන තිබිණ. ඒ නිසා ජාත්‍යන්තරය එදා ඉන්දිරායි, මැතිනියයි හැඳින්වූයේ දකුණු ආසියාවේ අක්කයි, නංගියි කියාය.
එදා ඉන්දිරා ඉන්දියාව පාලනය කළේත්, මැතිනිය ලංකාව පාලනය කළේත් එකම ආකාරයකටය. ඉන්දිරාත්, මැතිනියත් හිතුවේ පැතුවේ එකම ආකාරයකටය. වැඩ කළේ එකම විදිහකටය. එදා අක්කයි නංගියි ඉන්දියාවය ලංකාවයි පාලනය කළා වගේ මෙදාත් ඉන්දියාවයි, ලංකාවයි පාලනය කරන්නේ එකම විදිහට හිතන පතන, එකම විදිහට පාලනය කරන අයියයි, මල්ලියි දෙන්නෙකි. ඒ මෝඩි අයියා සහ ගෝඨා මල්ලීය.
අද විපක්ෂය මේ මෝඩි අයියයි, ගෝඨා මල්ලියි බිඳවන්න මොන මොන දේ කිව්වත්, කළත් මෝඩි අයියා ගෝඨා මල්ලිව වට්ටන්න වැඩ කරනු ඇතැයි හිතන්නටවත් බැරිය. ඒ වගේම බටහිර කුමන්ත්‍රණවලින් සහ මුස්ලිම් ත්‍රස්තවාදයෙන් රට බේරගන්න ගෝඨා මල්ලී වෙනුවෙන් මෝඩි අයියා පපුව දීමට වුව පෙරට එනු නිසැකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

සිංහල බලවේග රාජපක්ෂලාට එරෙහිව යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

බබා නෝනාට ආරූඪ වුණු නීටාගේ සුපිරි රංගනය

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.