තම රට ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට සූදානම් බව ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කරද්දී එය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව කටයුතු කළද, දකුණු ආසියාවේ ප්‍රධාන රටවල් රැසක්ම ඉරාන තෙල් ලබාගැනීමට මේ වනවිට සිය කැමැත්ත ප්‍රකාශ කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල් තුනම ඉරාන තෙල් ලබාගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කොට ඇත.
මීට අමතරව ඉන්දියාව රුසියාවෙන්ද තෙල් ලබාගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති අතර, ඊට රුසියාවෙන්ද යහපත් ප්‍රතිචාරයක් ලැබි ඇති බවක් දැනගන්නට ඇත.










