• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල ගල්අඟුරු ගෙනාවා! මහාධිකරණයේ නඩුවක් වැටිලා! කෙහෙළියගේ නීතිය ජයකොඩිට වලංගු නැද්ද? මුළු වංචාවම අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ මෙහෙමයි! Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
බාල ගල්අඟුරු ගෙනාවා! මහාධිකරණයේ නඩුවක් වැටිලා! කෙහෙළියගේ නීතිය ජයකොඩිට වලංගු නැද්ද? මුළු වංචාවම අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ මෙහෙමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන දැවැන්ත පාඩුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පසුගිය (17) වැනිදා පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් පහත පළවේ.Sri Lanka Latest News

ගරු අගමැතිතුමියනි, ඔබතුමිය කිව්වා අද මේ රටේ මතුවෙලා තියෙන කාරණා අපිට පාලනය කරන්න බැරි දේවල් කියලා. පාලනය කරන්න පුළුවන් දේවලුත් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද තියෙන්නේ බලශක්ති අර්බුදයක්. ඒක ලෝකයේ තියෙන අර්බුදයක්. මේ ලෝක අර්බුදයට මුහුණදීමේදී අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අපේ රටේ විදුලිබල පද්ධතියෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් බලශක්තිය සපයන නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා 2025-2026 ගල්අඟුරු වාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදුවෙලා තියෙන අක්‍රමිකතා, දූෂණ සහ පරිපාලන නොහැකියාව.

ගරු අගමැතිතුමියනි, ඒක ඔබතුමියගේ ආණ්ඩුවේ පාලනයේ තියෙන්නේ. ඒක බලශක්ති අමාත්‍යතුමාගේ පාලනයේ තියෙන්නේ. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් පළමුවැනි නැව් නවයෙන් විතරක් සිද්ධ වෙලා තියෙන අලාභයේ ප්‍රමාණය රුපියල් බිලියන 8.497ක්. ඒ වගේම පී.යූ.සී.එස්.එල්. ආයතනය පැහැදිලිව කියනවා නිල වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, බලාපොරොත්තු වන විදිහට අප්‍රේල් මාසේ 19 වැනිදා නියමිත දිනය වනවිට, අපි අපේක්ෂා කරනවා වාරකන් කාලය පටන් ගන්න දිනය ඒ දිනය කියලා, ඒ දිනය වෙනකොට අවශ්‍ය ගල්අඟුරු නැව් ප්‍රමාණය රටට ගෙන්වා ගන්න බැහැ කියලා.

එක පැත්තකින් ගල්අඟුරු බාලයි, අනිත් පැත්තෙන් නැව් ප්‍රමාදයි. හැබැයි මේ තත්ත්වය ජනවාරි මාසේ මුල් සතියේම නිරීක්ෂණය කළාම, මේ ටෙන්ඩරය අඩු මිලක් දාලා ගත්ත සමාගමට, ට්‍රයිඩන්ට් චෙම්පර් කියන ඉන්දියානු සමාගමට මේ වැඩේ කරන්න හැකියාවක් තියෙනවද? පටන්ගත්ත ගමන්ම ප්‍රමාදයි, පළමුවැනි නැවම බාලයි. මේ තත්ත්වය තුළ ඒ වෙලාවේ ටෙන්ඩරය අවලංගු කරලා, ඒ වෙලාවේ දෙවැනි, තුන්වැනි ස්ථාන තියෙන සැපයුම්කරුවන් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳන්න තිබුණා, විසඳුවේ නැහැ.
ඒවා අමාත්‍යතුමාට පුළුවන් දේවල්. ඒවා ආණ්ඩුවට පුළුවන් දේවල්. ඒක යුද්ධෙ එක්ක සම්බන්ධයක් නැහැ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? 14 වැනිදා බලාපොරොත්තු වන මෙගාවොට් 300 වෙනුවට 135ක් අඩුවෙන් ලැබුණා. 15 වැනිදා මෙගාවොට් 132ක් අඩුවෙන් ලැබුණා. ඊයේ මෙගාවොට් 148ක් අඩුවෙන් ලැබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගල්අඟුරුවලින් අපිට නිෂ්පාදනය කරන්න අසමත් වන සෑම මෙගාවොට් එකක් සඳහාම වැඩිපුර ඩීසල් පුච්චන්න සිද්ධ වෙනවා. රුපියල් 20කට ගල්අඟුරුවලින් ඒකකයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. යුද්ධෙ පටන්ගන්න කලින් ඩීසල්වලින් නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා රුපියල් 65කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වුණා.

දැන් අද ඩීසල් මිල වැඩි වෙනවා, අසීමිත ලෙස වැඩි වෙනවා. ඒ වගේම ගල්අඟුරු බලාගාරයේ බලශක්ති නිෂ්පාදන හැකියාවත් දිනෙන් දින අඩු වෙනවා, ගල්අඟුරුවල තත්ත්වය දිනෙන් දින බාල වෙනවා. දැන් ඒක මේ ආණ්ඩුවේ හැකියාව තුළ නැද්ද? ඒ පිළිබඳ වගකියන්න ඕනේ කවුද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් පළමුවැනි ගල්අඟුරු ටෙන්ඩරය ජයග්‍රහණය කරපු ට්‍රයිඩන්ට් චෙම්පර්, ඒක අසමත් බව තීරණය කරලා, ඒ අයට නියමිත වෙලාවට ගල්අඟුරු අවශ්‍ය ප්‍රමාණය දෙන්න බැහැයි කියලා තීරණය කරලා, මෙටි්‍රක් ටොන් ලක්ෂ තුනක් සඳහා ඉමර්ජන්සි ටෙන්ඩරයක් දැම්මා.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉමර්ජන්සි ටෙන්ඩරයක් දාන එකෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද? දැනට ටෙන්ඩරය ලබාගෙන ගල්අඟුරු සපයන සමාගම නියමිත දිනට, නියමිත වේලාවට ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයන්නේ නැති නිසා තවත් සමාගමකට අවස්ථාව දෙන්න, සමාන්තරව සැපයුම් කරන්න. ඔබතුමා පුදුම වෙයි, ලැජ්ජා හිතෙයි සමහර වෙලාවට ඔබතුමාත් ආණ්ඩුවේම සාමාජිකයෙක් නිසා, දැන් මේ ඉමර්ජන්සි ටෙන්ඩරය ජයග්‍රහණය කළේ කවුද? අර ට්‍රයිඩන්ට් චෙම්පර්මයි.

ආණ්ඩුවක් තියෙනවා නම්, ඔය තමන්ගේ ඉලක්කය සපුරා ගන්න බැරි වෙච්ච සමාගමට, දිගින් දිගටම මේ දක්වා දීලා තියෙන, මේ දක්වා රටට ඇවිල්ලා තියෙන හැම ගල්අඟුරු නැවක්ම බාල ගල්අඟුරු සපයපු සමාගමට අඩුගානේ ඉමර්ජන්සි ටෙන්ඩරයට බිඩ් කරන්න දෙනවද? මොකක්ද මේ ආණ්ඩුව? මේ ආණ්ඩුවද? දැන් ඒකට මේ යුද්ධෙ සම්බන්ධ නැහැනේ, ඒකට ඇමෙරිකාව සම්බන්ධ නැහැනේ, ඒකට ඉරානය සම්බන්ධ නැහැනේ. ගල්අඟුරු එන්නේ දකුණු අප්‍රිකාවෙන්, ඔස්ටේ්‍රලියාවෙන්, රුසියාවෙන්, ඉන්දුනීසියාවෙන්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මොකද වෙලා තියෙන්නේ, හොරු අල්ලන්න ඇවිල්ලා හොරු ආණ්ඩුව අල්ලගෙන. හොරු ආණ්ඩුව අල්ලගෙන. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒකට තව හේතුවක් තියෙනවා හොරුන්ට ආණ්ඩුව අල්ලගන්න ලේසියි. දැන් අද මේ සභාවේ ඉන්නවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා. දැන් එතුමාට විශාල පීඩනයක් තිබුණා බලශක්ති අමාත්‍යවරයා සම්බන්ධව තිබුණු චෝදනා ගැන අධිචෝදනා ගොනු කිරීමේදී. පළමුව අධිචෝදනා ගොනුකිරීමට දැන් මාස ගානකට කලින් තීරණයක් ගත්තා. ඊට පස්සේ ඇතිවුණු පීඩනයත් එක්ක අධිචෝදනා ගොනුකිරීම ප්‍රමාද වුණා. එතුමා ප්‍රසිද්ධියේම කිව්වා පුවත්පත් සාකච්ඡාවක් තියලා මම අමාත්‍යතුමා වෙනුවෙන් නීතිඥවරුන්ට අවස්ථාවක් දෙනවා කියලා ලීගල් රිප්‍රසන්ටේෂන් කරන්න. ඒක හරි, ඒක සාධාරණයි, ඒක හොඳයි. ඒ ඔක්කොම කළාට පස්සේ අද වෙනකොට අමාත්‍යතුමාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අංක 481/2026 දරන නඩුව පවරලා තියෙනවා අල්ලස් හා දූෂණ පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දූෂණය’ වරද ගැන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාත් රජයේ සේවයේ හිටියා. දූෂණ විරෝධී පනත යටතේ නඩුවක් පවරපු කෙනෙක්ගේ, සාමාන්‍ය රජයේ සේවකයෙක්ගේ වැඩ තහනම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මහෙස්ත්‍රාත් උසාවියේ නඩු දැම්මත් තහනම් කරනවා. මහාධිකරණයේ නඩු දැම්මත් තහනම් කරනවා. ඒ සාමාන්‍ය රජයේ සේවකයෝ. හැබැයි වර්තමාන බලශක්ති අමාත්‍යවරයා දූෂණය කියන බරපතළ වරදට ඔහු කලින් රස්සාව කරපු පොහොර සමාගමේ ඒ දූෂණය කියන වරද සිදුකිරීම ගැන බැලූ බැල්මට සාක්ෂි තියෙන හින්දා, තේරෙන්නේ නැත්නම් මේ මන්ත්‍රීවරුන්ට අහන්න පුළුවන් අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉන්න බව මට පේනවා. බැලූ බැල්මට සාක්ෂි තියෙනවා නම් තමයි ඉන්ඩයිට් කරන්නේ.
දැන් බැලූ බැල්මට සාක්ෂි තියෙද්දී, නීතිඥ සහාය ලබාදීලා ඔක්කොම කරලා, රිප්‍රසන්ටේෂන් ඔක්කොම කරලා ක්ලියර් කරලා, කරන්නම දෙයක් නැති තැන අධිචෝදනාව දැන් ගොනුකරලා තියෙන්නේ. එතකොට අධිචෝදනා ගොනුකරලා තියෙන වෙලාවක රජයේ සේවකයෙක් නම් වැඩ තහනම් වෙනවා ඔටෝමැටිකලි අනිවාර්යයෙන්ම. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා පත්කරපු, චෝදනා තිබියදීම පත්කරපු, මේ පරීක්ෂණ තිබියදීම පත්කරපු වර්තමාන ඇමැතිතුමා තාම තනතුර දරනවා. මීට කලින් මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවක් තියෙනවා ධුර දරන අමාත්‍යවරුන්ට විරුද්ධව අපරාධ චෝදනා ඉදිරිපත් වුණු.

මේ පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා, එවක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මේ ඉස්සරහා පේළියේ ඉඳලා, කෙහෙළිය රඹුක්වැල්ල හිටපු දූෂිත අමාත්‍යවරයාට විරුද්ධව චෝදනා ගොනුකරන වෙලාවේ එතුමා මේ පාර්ලිමේන්තුවේ නැගිටලා කිව්වේ මේ වගේ බරපතළ චෝදනාවක් තියෙනකොට ඉල්ලා අස්විය යුතුයි කියලා. අපේ හරිනී අමරසූරිය මැතිනිය ඒ විවාදයේ කතා කළා. එතුමිය කිව්වේ මොකක්ද? විශ්වාසභංගයට එතුමියගේ ඡන්දය දීලා සහාය දීලා කතා කරලා කිව්වේ මේ චෝදනා ලබලා තියෙන කෙහෙළිය රඹුක්වැල්ල අස්වෙන්න ඕනේ කියලා. දූෂණය වරදට, කරප්ෂන් වරදට අධිචෝදනා ලබලා තියෙන මේ ඇමැතිවරයා අස්වෙන්න අවශ්‍ය නැද්ද?
ඔය වගකීම දරන්න කීර්තිමත්, ගුණවත්, දක්ෂකම තියෙන, චරිත පාරිශුද්ධ ඇමැති කෙනෙක්, දක්ෂයෙක් මේ ඔබතුමාලාගේ 159 ඇතුළේ නැද්ද? මොකක්ද මේ ආදරේ? ට්‍රයිඩන්ට් චෙම්පර්ට තියෙන ආදරේ මොකක්ද? දැන් ඒකයි මේ කතාව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ අමාත්‍යවරයා මේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ ටෙන්ඩරය තියෙද්දී රුසියාවට ගිහිල්ලා රුසියාවේදී මේ ටෙන්ඩරයට ඉදිරිපත් වෙච්ච සමාගමක්, ඒ සමාගමේ නම පොටෙන්ෂියා එල්.එල්.සී. පොටෙන්ෂියා එල්.එල්.සී. සමාගමේ සාමාජිකයෝ එක්ක, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එක්ක රැස්වීමක් පැවැත්වූවා.

මම පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරකසභාවේදී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්, මහාචාර්ය හේමපාල මහතාගෙන් ප්‍රශ්න කළා ආණ්ඩුවේ මුදලින්ද මේ ගමන ගියේ? ඔව්. සාකච්ඡා කරපු දේ කිව්වද? නැහැ. මේ වෙලාවේ මේ අදාළ ප්‍රශ්නගත ටෙන්ඩරය අවසානාත්මක ලෙස දීලා තිබුණේ නැහැ නේද? ඔව්. එහෙම ටෙන්ඩරයේ කටයුතු අවසන් නොවී තිබියදී බිඩ් කරපු සමාගමක්, වැදගත්කමක් තියෙනවා කලින් සප්ලයර්. අන්න ඒකයි තත්ත්වය.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරකසභාවේදී අමාත්‍යාංශ ලේකම්තුමා දීපු උත්තරයෙන් මොකක්ද තේරෙන්නේ? මේ ප්‍රශ්නගත බාල ගල්අඟුරු සපයන සමාගම ඒ විතරක් නෙමෙයි, මීට කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා පුදුම වෙයි මගේ අතේ තියෙන්නේ මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව. පොදු ව්‍යාපාර කාරකසභාව විසින් කළ ඉල්ලීම අනුව කියනවා ට්‍රයිඩන්ඩ් චෙම්පර් ලිමිටඩ් ලංකාවට සහල් සැපයීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ නියමයන් අනුගමනය කර නොතිබුණු බව.

මේ සිද්ධියට කලින්. මේ ට්‍රයිඩන්ට් චෙම්පර් සමාගමම ලංකාවට සහල් සැපයීම පිළිබඳ ක්‍රියාදාමයට වරදකරුවෙලා බ්ලැක්ලිස්ට් කරපු සමාගමක්. අධිකරණ ඇමැතිතුමනි, මෙතැන දැන් කියනවා ඔබතුමාට ඇහෙන්න ඇතිනේ නිසි ක්‍රමයට සිද්ධ වුණා ටෙන්ඩරය කියලා. ඒක අපිට අදාළ නැහැ කියලත් කිව්වානේ අමාත්‍යතුමා. දැන් එතකොට මේ ටෙන්ඩරය පිළිබඳ ඉවැලුවේෂන් කරද්දී, මේ නිශ්චිත සමාගමම ලංකාවේ ආණ්ඩුවට සහල් සපයලා ඒ ක්‍රියාදාමය වැරදියි කියලා, ප්‍රසම්පාදනයට එරෙහිව ගිහිල්ලා බ්ලැක්ලිස්ට් කරපු සමාගමක්. මේකේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියාවේ දිල්ලි ලිකර් ලයිසන්ස් කේස් එකේදී අත්අඩංගුවට ගත්ත කෙනෙක්. මේකේ ලෝකල් ඒජන්ට් සහ ඒ සමාගමේ අධ්‍යක්ෂවරු දෙන්නෙක් අපරාධ නඩුවලට මේ රටේ අධිකරණවල චෝදනා ලබලා තියෙන අය.

මොකක්ද මේ? බලශක්ති අමාත්‍යතුමාටත් අධිචෝදනා තියෙනවා, ලෝකල් ඒජන්ට්ටත් චෝදනා තියෙනවා, සප්ලයර්ටත් ඉන්දියාවේ චෝදනා තියෙනවා, බඩුත් බාලයි. ඒ වනවිට මේ රටේ අද මතුවෙලා තියෙන මේ බලශක්ති අර්බුදය, ඩීසල් නැති වෙන්න ප්‍රධාන හේතුව. දැන් අද එන නැවක් තියෙනවා, අද ඔය එන නැවේ ධාරිතාවෙන් 50%කට වඩා වැය වෙන්නේ ඩීසල් බලාගාරවලට සපයන්න. ප්‍රමුඛතාව ඒක තමයි තත්ත්වය. දැන් අද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා අද නැවක් එනවා, අද නැවක් එනවා නැව ආවහම ඒ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙයි කියලා. යථා තත්ත්වයට එන්නේ නැහැ, ඒ අවශ්‍ය කරන විදුලිය මූලික දෙයක් නිසා අද ඩීසල් බලාගාරවලින් ගන්න ඕනේ මේ නැතිවෙන ප්‍රමාණය. ඒ නැතිවෙන ප්‍රමාණය විශාල ප්‍රමාණයක්, බලාගාරයේ ධාරිතාවයෙන් 25%ක් විතර. එතකොට මේ ප්‍රමාණය අත්පත් කරගැනීම සඳහා අද සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ රටේ මේ මොහොතේ ඇතිවෙලා තිබෙන ඩීසල් අර්බුදය, මේ රටේ මේ මොහොතේ ඇතිවෙලා තිබෙන ගල් අඟුරු අර්බුදය, ඒ වගේම තව මාස කීපයකින් රටට ගල්අඟුරු නැති වීම නිසා ඇතිවන අර්බුදය, රටේ විදුලි පද්ධතිය කඩාවැටීමේ අනතුර, ඒ ඇතිවීමට වගකිවයුතු වන්නේ මේ රටේ බලශක්ති අමාත්‍යවරයා. ඒ බලශක්ති අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා කියන කාරණය කියන්න ඕනේ. ඒක කරන්නම වෙලා තියෙනවා කොච්චර කනගාටුවෙන් වුණත් කරන්න වෙලා තියෙනවා.

ඔය 159 තිබ්බා කියලා ලොකුවට හිතන්න එපා. ජනතාව ඉස්සරහා මේ වගේ දූෂිත අමාත්‍යවරයෙක්, මේ වගේ අකාර්යක්ෂම අමාත්‍යවරයෙක්, මේ පරිපාලන ක්‍රියාදාමය අසමත් වෙච්ච අමාත්‍යවරයෙක්, ඒ වගේම දිගින් දිගටම දූෂිත සමාගම් එක්ක කටයුතු කරන අමාත්‍යවරයෙක් එක්ක කටයුතු කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හැර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෙන මගක් නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දූෂිතයන් අල්ලන්න ආපු ආණ්ඩුව, දූෂිතයන්ට යටවෙලා, දූෂිතයෝ ආණ්ඩුව අල්ලගෙන. ගරු අගමැතිතුමිය මේ බලාපොරොත්තු වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි මේ ඇතිවෙලා තියෙන්නේ. ඔබතුමිය ආස වුණත් නැතත්, අපේ අධිකරණ අමාත්‍යතුමා අපේ මිත්‍රයා ආස වුණත් නැතත්, මේ ආණ්ඩුව ඇතුළේ දූෂිතයෝ ඉන්නවා, දූෂණය කරනවා, දූෂිතයෝ මේ ආණ්ඩුව අල්ලගෙන තියෙනවා. ඒක තමයි මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව. මේ ආණ්ඩුව ගැන මහත් බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ අවාසනාව ඒකයි. ඒ නිසා ගෝලීය අර්බුදයක්, රටේ තියෙන අර්බුදය එකක්, රටේ තියෙන අර්බුදයේ කොටසකට වගකියන්න ඕනේ මේ දූෂිත ආණ්ඩුව.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ITN එකද දිලිත්ගේ දෙරණද ඇත්ත කියන්නේ?  I Sri Lanka Latest News

Next Post

සිංහල අවුරුද්දට තෙලුත් දෙනවා.. ලයිටුත් දෙනවා..! ඇමැතිගේ සහතිකේ…!  Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.