• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ආබාධිතයන්ටම වෙන්වුණු බස් ගෙන්වයි! ලබන මාසයේ සිට පාරට! PHOTOS I Sri Lanka Latest News

March 12, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
ආණ්ඩුව ආබාධිතයන්ටම වෙන්වුණු බස් ගෙන්වයි! ලබන මාසයේ සිට පාරට! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීමේ අරමුණින්, ඔවුන් සඳහාම වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාවක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන මස සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.Sri Lanka Latest News

‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන රජයේ දැක්ම යථාර්ථයක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

රුපියල් මිලියන 430.7ක මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන සේවාවක් පමණක් නොව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් ජනතා සුබසාධන ව්‍යාපෘති මාලාවේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියකි. පොදු ප්‍රවාහන පද්ධතිය තුළ පවතින භෞතික බාධක ඉවත් කර, ආබාධ සහිත තැනැත්තන්ට ස්වාධීනව සහ සුරක්ෂිතව සමාජගත වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි මූලික අරමුණයි.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ බස් රථ 10ක් පසුගිය 10 වෙනිදා හම්බන්තොට වරාය වෙත ගෙන එනු ලැබීය. මෙම බස් රථ ලබන සෙනසුරාදා කොළඹට රැගෙන ඒමෙන් පසු මෙට්‍රෝ සමාගම වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය. ආසන 33කින් සමන්විත මෙම එක් බස් රථයක මගීන් 80 දෙනෙකුට එකවර ගමන් කළ හැකි අතර, රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විශේෂිත තාක්ෂණික අංගවලින්ද මේවා සමන්විතය.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරේ. ඒ අනුව මාකුඹුර සිට පිටකොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් පෙරවරු සහ පස්වරු කාල සීමාවන්හිදී සෑම විනාඩි 40කට වරක් මෙම බස් රථ ධාවනය කෙරේ. විශේෂයෙන් මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන සෘජුවම ආවරණය වන පරිදි ධාවන කටයුතු සැලසුම් කර ඇත.

මෙම බස් රථ සේවාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් සහ කොන්දොස්තවරුන් 28 දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර, සමාජ සේවා අමාත්‍යාංශය මගින් ලබා දෙන මෙම පුහුණුවට බස් රථ තාක්ෂණය සහ මගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම සහ මගී සත්කාර, ආබාධ සහිත මගීන් සමඟ සන්නිවේදනය සඳහා වන සංඥා භාෂාව පිළිබඳ පුහුණුව ඇතුළත් වනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, ලබන අගෝස්තු මාසයේදී තවත් බස් රථ 100ක් මෙරටට ගෙන්වා ආබාධ සහිත තැනැත්තන් සහ සාමාන්‍ය මගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යෙදවීමට සැලසුම් කර තිබේ. එමෙන්ම මීට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් බස් නැවතුම්පොළවල්ද
ආබාධ සහිත තැනැත්තන්ට හිතකර ප්‍රවේශ ප්‍රමිතිය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-03-12

SendShareShare
Previous Post

යුද්ධයේ ආර්ථික බලපෑම් ගැන ෆිච් රේටින්ග්ස් වෙතින් භයානක හෙළිදරව්වක්! ලංකාවට වෙන්න යන දේ හිතාගන්න පුළුවන්ද? I Sri Lanka Latest News

Next Post

වෙන්න යන දේ ගැන මහින්දට ලොකු බයක් දැනිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.