• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් බලයක් ගැන සජබ මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

March 11, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
79 වන එජාප සංවත්සරයේදී සජබ නායක-විපක්ෂනායක සජිත්ගේ ප්‍රකාශය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිරිකොතේදී නිවේදනය කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ සමගි ජන බලවේග⁣යේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘‘වැඩකරන ජනතාවගේ අයිතිය ලබාදෙන බව ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කරන්න කටයුතු කරන බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම වැඩ කරන ජනතාවගේ ජිවන වියදම අඩු කරන බවත් ප්‍රකාශ කළා. නමුත් ජාතික ජනබලවේග ආණ්ඩුව දැන් කටයුතු කරන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයටයි. වැඩ කරන ජනතාවගේ වැටුප සොච්චම් මුදලකින් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කර තිබුණා. නමුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න ආණඩුව කටයුතු කළේ නැහැ. කෙසේ නමුත් රටේ වැඩ කරන ජනතාවගේ ඉල්ලිම් වැඩි වශයෙන්ම ලබා දුන්නේ යහපාලන රජය කාලයේදී. රාජ්‍ය සේවකයාගේ වැටුප දෙගුණයකින් වැඩි කළේ යහපාලන ආණ්ඩුව. නමුත් ජාතික ජනබලවේගය දුන්න පොරොන්දු කඩ කරන්න ජාතික ජනබලවේගය කටයුතු කර තිබෙනවා.

ඒ වගේම සුභෝදනි කොමිසම හරහා ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුවට එය සිදුකරගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අනුර දිසානායක ඇතුළු පිරිස විපක්ෂයේ සිටින විට විරුද්ධ වුණා. නමුත් බලය ලබා ගැනීමෙන් පසු අනුර දිසානායක ඇතුළු පිරිස රජයේ ආයතන ප්‍රතිව්‍යුගතකරණය කරන්න කටයුතු කර තිබෙනවා. ඒ හරහා රටට කිසිදු වාසියක් අත්වෙන්නේ නැහැ. නමුත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා විදුලි බිල වැඩි ඉදිරියේදී වැඩි වෙනවා.

ඒ වගේම දින 40 ක ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රට තුළ තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා. මෙම තෙල් තොග රටට ගෙනැවිත් තිබෙන්නේ පරණ මිලටයි. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රය භාවිතා කළ යුත්තේ මීට පෙර ගෙනා ඉන්ධනවල මිලවැඩි කරන්න නෙවෙයි. කෙසේ නමුත් ආණ්ඩුව ඉන්ධන හරහා විශාල මුදලක් අසාධාරණ උපයාගන්න උත්සහ කරනවා. ඒ වගේම මහ බැංකුව පිරි ඉතිරි ගොස් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එසේ නම් එම සහනය ජනතාවට ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් ආණ්ඩුව දිනෙන් දින ජනතාව සුරාගෙන කන්න උත්සහ කරනවා.

ඒ වගේම දින 40 ක් යනතුරු ඉන්ධන මිලවැඩි කරනවාට සමගි ජනබලවේගය විරුද්ධයි. මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය වතාවරණය නිසා ලෝකයේ අර්බුදයක් ඇති වී තිබෙනවා. නමුත් එයින් අයුතු ප්‍රයෝජන නොගන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ලංකාවට අඩුවට ගෙනා ඉන්ධන වැඩි මිලට විකුණන්න රජය කටයුතු කරනවා. ඉදිරියේදී ආණ්ඩුව ඉන්ධන මිල තවත් වැඩි කරන්න හැකියාව තිබෙනවා. මේ හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉදිරියේදී වැඩි වීමට නියමිතයි.

ඒ වගේම ලංකා සීනි සමාගම පෞද්ගලික අංශයට විකුණන්න ආණ්ඩුව කටයුතු කරනවා. ලංකා සීනි සමාගම පාඩුලබන නිසා සීනි ආනයනය කිරීම සුදුසු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් ආණ්ඩුවේ සිටින පිරිස විපක්ෂයේ සිටින විට කියපු දේවල් අද රට තුළ ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්තියට එහා ගිය වර්තමාන ආණ්ඩුව කටයුතු කරනු ලබනවා. ඒ වගේම පැල්වත්ත සීනි සමාගමේ , සෙවනගල සීනි සමාගමේ ගොවින්ට තවමත් මුදල් ගෙවලා නැහැ. මෙම ආයතන පෞද්ගලික අංශයට විකුණන්න කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම ආණ්ඩුවේ ගල් අගුරු වංචාව හරහා බිලියන 10 කට වඩා පාඩු වී තිබෙනවා. ඒ වගේම තවත් ගල් අඟුරු නැව් කිහිපයක්ම රටට පැමිණිමට නියමිතයි. ඒ හරහා මෙම පාඩුව තවත් වැඩි වෙනවා. කෙසේ නමුත් මෙම දුෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කරන්න ආණ්ඩුව කටයුතු කරන්නෙත් නැහැ. හදිසි ටෙන්ඩර් කැඳවන්න ආණ්ඩුව කටයුතු කරන්නෙත් නැහැ. ඒ වගේම විදුලිබලාගාරවල යන්ත්‍රවලටත් විශාල හානියක් බාල ගල් අගුරු හේතුවෙන් සිදුවෙනවා. ඒ වගේම මෙම ගල් අගුරු වංචාවට සම්බන්ධ ඇමැතිවරයාට විරුද්ධව අල්ලස් කොමිසමේ නඩුවක්ද විභාග වෙනවා. වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව හොරුත් සමඟයි රට පාලනය කරන්නේ. මෙම වංචා හරහා රටට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ වගේම මෙම පාඩුව ආණ්ඩුව පියවා ගන්නේ රටේ අහිංසක ජනතාවගෙන්. ගල් අගුරු වංචාවේ පාඩුව පියවා ගන්නද ඉන්ධන මිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කළේ දැයි ප්‍රශ්නයක් ඇතිවෙනවා.

ඒ වගේම මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතුයි. මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න හැකියාවක් නැහැ. ඒ වගේම ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් බව දැන් හොඳින්ම පැහැදිලියි. ඒ වගේම මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි ගොස් තිබෙව බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් වහාම සියයට 18 ක වැට් බද්ද ඉවත් කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ඒ වගේම ආණ්ඩුවේ විදේශ ඇමැති ජාත්‍යන්තර සමුලුවලදී ශ්‍රී ලංකාව අපහසුතාවයට පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම බලශක්ති ඇමැති ගල් අගුරු ගෙන්වීමේදී රටට විශාල පාඩුවක් සිදුකළා , ඒවගේම ප්‍රවාහන ඇමැති බහලුම් 323 ක් හරහා රටට විශාල පාඩුවක් සිදුකළා. ආණ්ඩුව රට පාලනය කරන්නේ මේ ආකාරයටයි. රට පාලනය කරන්න පලපුරුදු කණ්ඩායමක් සිටිය යුතුයි. වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම සිදුකළේ රටට අහිතකර දේවල්. බොරුවෙන් වංචාවෙන් රට නොකරන්නැයි ආණ්ඩුවෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුවේ වංචා දුෂණයන්ට විරුද්ධව සමගි ජනබලවේගය දිගටම සටන් කරනු ලබනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අලුත් බලය රට තුළ ගොඩනගන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම විදුලි බල ඇමැතිට විරුද්ධව විශ්වාසභංගය කඩිනමින් ගෙන ඒමට සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය කටයුතු කරනු ලබනවා. ඒ වගේම අගමැතිවරියට විරුද්ධ විශ්වාසභංග යෝජනාවත් කඩිනමින් ගෙන ඒමට කටයුතු කරනු ලබනවා. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ එකතුවීමත් ඉදිරියේදී සාර්ථකව සිදුවීමට නියමිතයි.

ඒ වගේම සිවිල් ආරක්ෂකයින් ලෙස 38,000 ක් බඳවාගනු ලැබුවා. මේ සිවිල් ආරක්ෂකයින් උතුරේ මායිම් ගම් ආරක්ෂා කරන්න විශාල කැප කිරිමක් සිදුකළා. ඔවුන්ගේ සේවය ස්ථිර කරන්න යහපාලන ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. මෙම සිවිල් ආරක්ෂක නිලධාරින් දුෂ්කර පළාත්වලට මාරු කර තිබෙනවා. ඒ වගේම ඔවුන්ට ආහාර ලබාදෙන්නේ නැහැ. නවතින්න ස්ථානයක් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ වැටුපෙන් ජිවත් වෙන්න නොහැකි තත්ත්වයක් අද උදාවෙලා තිබෙනවා. යුද්ධය වෙනුවෙන් පෙනී සිටි මෙම නිලධාරින්ට සානුකම්පිතට සලකන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මෙම පිරිස වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා.‘‘

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන නාමල්ට ලොකු සැකයක්!  I Sri Lanka Latest News

Next Post

අමෙරිකාවට මළ මිනී එන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.