විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සදහා මේ වනවිට ගයන්ත කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවත්, ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ විරෝධය පළවී ඇති බවත් දැනගන්නට ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලය පුරාම කරුණාතිලක මහතා විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළත් ක්‍රියාකාරීව එම තනතුරේ කටයුතු කිරීමට ඒ මහතා අපොහොසත්ව ඇති බවකි.
ඒ අනුව මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැදවා ඇති බව දැනගන්නට ඇත.
එහිදී විපක්ෂයේ සිටින සටන්කාමී, තරුණ මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතාගේ නම ඒ සදහා යෝජනා කිරීමට මන්ත්‍රීවරුන් බහුතරයක් තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.










