• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජිතගෙන් විශේෂ නිවේදනයක්

August 20, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජිතගෙන් විශේෂ නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

රට තුළ අලුතින් ඖෂධ නිපදවීම සහ සේලයින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට නව රජයේ ඇතැමුන් විසින් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා‌ගේ මාධ්‍ය ඒකකය මගින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සියලු කරුණු ඒ මහතාගේ පාලන සමය තුළ ආරම්භ කොට ඇති බවත්, දැනටමත් බොහෝ කටයුතු අවසන් කොට ඇති බවත්ය.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

“අලුතින් ඖෂධ සහ සේලයින් නිපදවීමට පටන්ගත්තා” යැයි කියමින්,තමන්ම තමන්ට ආඩම්බරයි කියාගනිමින් සංසරණය වන සටහනක්, වත්මන් රජය විසින් පත්කළ SPMC රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථා සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නැමැත්තා විසින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකොට තිබුණි.

මිනිසෙක් හෝ ආයතනයක් හෝ රජයක් හෝ වේවා ආඩම්බර විය යුත්තේ ‘තමන් විසින් සිදුකළ හඳුන්වා දුන් සේවාවන් හෝ ආරම්භ කළ නිෂ්පාදන’ පිළිබඳව මිස, අනුන් ආරම්භ කළ දේ තම නමට ලියාගැනීමෙන් නොවේ. එය ආඩම්බර වීමට නොව ලැජ්ජා වීමට කාරණයකි.

වසර 2015 දි රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගන්නා විට ශ්‍රී ලංකාවේ (දේශීය) ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිසිවක් තිබුණේ නැත. මින් පෙර සිටි සෞඛ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකුට හෝ එවන් සැලසුමක් හෝ උවමනාවක් තිබුණේ යැයි දකින්නට ලැබී නැත. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් සහිතව සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාරගත් එතුමා මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සිසුවෙක් වීමේ අමතර හේතුවද සහිත වූවෙකි.

එතුමා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 36ක වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදන අතර වසර 2019 අවසාන වන විට, ඉන් 18ක වැඩ අවසන්ව නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිටියි. අත්‍යාවශ්‍ය ඖෂධ රැසක්, කාලයක් තිස්සේ එම නිෂ්පාදනාගාර තුළ නිෂ්පාදනය වේ. තවත් නිෂ්පාදනාගාර 18ක වැඩ අවසන් වීමට නියමිතව තිබේ. මේ සියල්ල පසුගිය යහපාලන රජය යටතේ ආරම්භ වූ ඒවා ය. සංවාදයට ලක්වන, සේලයින් නිෂ්පාදනාගාරයේ වැඩ ආරම්භ වුයේ ද රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ මීට වසරකටත් පෙර වන අතර එය පිහිටා තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේය. මෙම වසරේ මැයි මාසයේ එහි වැඩ අවසන් වී නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණි. පිළිකා ඖෂධ නිෂ්පාදනාගාරයේ වැඩ අවසන්ව දැනට මාස 8ක් පමණ ගතවී ඇති අතර ඊට WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේඥයන්ගේ සහතිකය ලැබී ඇතත්, NMRA ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තවමත් ලැබී නොතිබීම නිසා නිෂ්පාදන කටයුතු ආරම්භ වීම ප්‍රමාද වෙමින් ඇත.

2015 රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමට පෙර SPMC නිෂ්පාදන ධාරිතාවය පෙති සහ කරල් බිලියන 2ක ප්‍රමාණයක තිබූ අතර 2019 අවසානය වන විට එය පෙති සහ කරල් බිලියන 4 දක්වා වැඩි කිරීමට එතුමන්ගේ මඟපෙන්වීම යටතේ SPMC ආයතනයට හැකි විය. රාජිත සේනාරත්න මහතා වැඩ කෙරුවා මිස, ආඩම්බර වෙවී සිටියේ නැත. තනතුරු ලැබෙන්නේ වැඩ කිරීමට මිස, ආඩම්බර වෙවී සිටින්නට නොවන බව රාජිත සේනාරත්න මහතාගේ අදහසයි. ආඩම්බර වීමටම ඕනෑ නම්, “තමන්ම වැඩක් කරලා ආඩම්බර වෙනවා මිස, අනුන් කරපු වැඩවලට තමන්ගේ නම දාගැනිමෙන් ඵලක් නැති බව” එතුමාගේ අදහසයි!

-රාජිත සේනාරත්න මාධ්‍ය ඒකකය

SendShareShare
Previous Post

සජිත් අද උදේ දුන් ප්‍රතිඥාව (VIDEO)

Next Post

මෙන්න උණුසුම් පුවතක්: විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත? මන්ත්‍රී බහුතරයකගේ විරෝධය

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.