ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News
එහිදී පවතින මිල ඉහළ යාමට පිළියමක් ලෙස හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමේ යෝජනාවකට එකඟ වීම සඳහා ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවද සඳහන්.
අමෙරිකාව මෙම යෝජනාව සඳහා දැනටමත් සහයෝගය පලකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදය, G7 රටවලට අයත් වේ.
කෙසේවෙතත් එම වාර්තා පලවීමත් සමග ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 117.65 සිට ඩොලර් 104 ක් දක්වා පහළ වැටී ඇති බවද වාර්තා වේ.










