නැවතී ප්‍රතිකාර ගනු ලැබූ රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් දුන් නියෝගය දෝෂ සහගත බවට මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දුන් නියෝගය නිවැරදි නියෝගයක් බවට තීරණය කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට එරෙහිව ආසිරි රෝහල ඉදිරිපත් කළ අභියාචනය නිශ්ප්‍රභ කළේය.Sri Lanka Latest News
මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මියට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන් පිළිබඳ නිසි අවබෝධයක් තීබි නැති බව හෝ නියෝගය දෙන අවස්ථාවේදී එම ප්‍රතිපාදනයන් ඇගේ මතකයෙන් ගිලිහී ගොස් ඇති බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එවැනි තත්වයක් තුළ වැඩබලන මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රමාද දෝෂයකින් දුන් නියෝගයක් බවට සැලකීම හැර වෙනත් විකල්පයක් නැති බවටද විනිසුරුවරයා තීරණය කළේය.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් 2024 ජනවාරී 17 වැනිදා දුන් නියෝගය දෝෂ සහගත බවට මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය 2025 ජුලි 11 වැනිදා දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන් විසින් මෙම අභියාචනය ගොනු කර ඇත.
ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන් විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනයේ වගඋත්තරකරු වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නම් කර ඇත.










