අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.Sri Lanka Latest News
ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඔහු පවසා ඇත්තේ ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරට බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “අපි සටන් කරන්නේ දිනන්න” යනුවෙනි.
“ඊයේ අමෙරිකානු සබ්මැරීනයක් මගින් ජාත්‍යන්තර මුහුදේදි අප ආරක්ෂිතයි සිතා කටයුතු කළ ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළා. එය ගිල්වා දැම්මේ ටෝපීඩෝවක් යොදාගෙන. නිහඬ මරණයක් ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරටයි. අපි සටන් කරන්නේ දිනන්න. නිසැකවම, කිසිම සමාවක් නොදී අමෙරිකාව දිනනවා…”










