ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 40ක් දුරින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී විනාශ වූ ඉරාන ‘අයිරිෂ් දේනා” (Iris Dena) නෞකාවේ සිටි නාවිකයින්ගේ සුවදුක් බැලීම සඳහා ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරින් දෙදෙනෙක් අද (04) පස්වරුවේ ගාල්ල කරාපිටිය ජාතික රෝහලට පැමිණ තිබුණා.Sri Lanka Latest News
ඉරාන තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරින් දෙදෙනා රෝහලට පැමිණ තුවාලකරුවන්ගේ තත්වය විමසා බැලූ බවයි එම රෝහල් ප්‍රකාශකයෙක් පැවසූවේ.
මෙම නෞකාවේ සිටි ඉරාන නැවියන් 32ක් අද (04) දහවල් වන විට ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරමින් සිටින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.
සිද්ධිය වාර්තාවීමත් සමග දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තුවාලකරුවන් ගොඩ බිමට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.










