ඉරාන ජනාධිපති නිල නිවස ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල වුවත්, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ට එයින් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි.Sri Lanka Latest News
ඇමෙරිකා හමුදා ඉරානයේ තෙහරාන් අගනුවර ඉලක්ක වෙත මේ වනවිට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඒ, ඉරාන ඉස්ලාමීය රජය අඩපණ කිරීමේ අරමුණින්ය.
මීට අමතරව, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය පිහිටි ‘පාස්චර් වීදිය’ ආසන්නයේ ද පිපිරීම් සිදුවුණු බව පැවැසෙයි.
ප්‍රහාර ආරම්භ වීමත් සමඟ ඉරාන ජනාධිපතිවරයා පමණක් නොව, උත්තරීතර නායකයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රහසිගත ස්ථානයකට ගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.










