පාකිස්ථාන ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කළ මිනිසෙකුට නිසි සැලකිල්ල සහ සාධාරණත්වය ලබා දෙන ලෙස තමා පාකිස්ථාන රජයෙන් ඇයද සිටින බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.Sri Lanka Latest News
සිරගතව කර සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අර්ජුන රණතුංග මේ බව පවසා තිබෙනවා.
ඉම්රාන් ඛාන්ගේ ධෛර්යය, විශ්වාසය සහ තම රට කෙරෙහි නොසැලෙන විශ්වාසය අගය කරමින් හැදී වැඩුණු බොහෝ දෙනෙකු ගැන තමා දන්නා බවත්, ඔහු ක්‍රිකට් සහ දේශපාලනයෙන් ඔබ්බට ගිය පුද්ගලයෙක් බවත් අර්ජුන සිය ප්‍රකාශයේ දක්වා තිබෙනවා.
ඒ, අනුව මෙම දුෂ්කර අවස්ථාවේ දී ඔහුට මනුෂ්‍යත්වයෙන් හා ගෞරවයෙන් සලකන ලෙස පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි අර්ජුන රණතුංග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ අතර සිරගතව සිටින ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලොව පුරා හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබුණා.
ඔහුගේ සෞඛ්‍ය වෙනුවෙන් ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන් ඔවුන් එහිදී කනස්සල්ල පළ කර තිබෙනවා.
එම ලිපිය මඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ ඉම්රාන් ඛාන්ට ගෞරවයෙන් හා මූලික මානව අයිතිවාසිකම් ගැන සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.










