චරිත සහතික ගන්නා විට සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ නිර්දේශය අවශ්‍ය බවට මීට පෙර හෙළි කළ අවස්ථාවේ රජය එය ප්‍රතික්ෂේප කළ බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සැපයූ අයගේ නම් ගම් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ පසු ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
තමා සියල්ල පැවසුවේ සත්‍ය නිවැරදි තොරතුරු මත බවත් මෙය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා ලෙසත් මන්ත්‍රීවරුන් ලෙසත් මේ සභාවේ කරුණු ඉදිරිපත් කරන්න අයිතියක් ඇති බවත් මෙසේ මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම සම්බන්ධයෙන් කතානායකවරයා මැදිහත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










