කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී අති ගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උන්වහන්සේ හමුවේ වත්මන් රජය විසින් බුදු දහමට සහ ගරුතර මහා සංඝරත්නයට සිදු කරන අපහාස සම්බන්ධයෙන් ද ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ මතවාද ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද පෙන්වා දෙන ලදී.
අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උන්වහන්සේගෙන් ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම ද සිදු කරන ලදී.Sri Lanka Latest News















