සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය නිමිත් කර ගෙන සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණු කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේ දී පෙබරවාරි මස 7 සහ 8 යන දෙදින තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ හීල් දානමය පුන්‍යකර්මයක් පැවැත්විණි.Sri Lanka Latest News
මේ මහැගි පුන්‍යකර්ම අවස්ථාවට සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් එක් විය. එහි දී කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වැදපුදා ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස කිරිවෙහෙර වටා කප්රුක පූජාවක් ද සිදු කරන ලදී.
සමගි ජන බලවේගය 2020 ජනවාරි මස ආරම්භ වූ අතර එතැන් සිට රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජන ජීවිතය නගා සිටුවීම උදෙසා සුවිශාල සමාජ, දේශපාලන සේවා රැසක් ඉටු කරන ලදී.






























