රට වටේ මුහුද තිබුණත් රටේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර කර්මාන්තය ලබා දෙන දායකත්වය වන්නේ 1.4%ක් වැනි ප්‍රමාණයක් බවත් එයට හේතුව ධීවර සම්පත ආරක්ෂා කර මත්ස්‍ය සුරක්ෂිතභාවය ඇති කර ගන්න නොහැකි වීම බවත් වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථික කලාපයක අයිතියක් අප රටට තිබුණත් මෙතෙක් කල් අප රටේ ධීවර කර්මාන්තය වැඩි දියුණු කර ගන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයන් විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය හා එක්වෙමිනි.
මේ ධීවර ක්ෂේත්‍රයේ සිටින ප්‍රතිපත්ති සම්පාදකයන් බහුතරයකට මේ ගැන නිසි අවබෝධයක් නොමැති බවත් රිටි පන්නය, මාදැල්පන්නය, එක් දින යාත්‍රා බහු දින යාත්‍රා ආදී පන්න රාශියක් තිබුණත් රජයට මේ ගැන දැනුමක් නොමැති බවත් මා දැල් පන්නයට මාදැල් වරායන් පවා ඇති බවත් මේ මාදැල් කර්මාන්තය තාක්ෂණය අනුව වෙනස් වන විට කිසිදු රෙගුලාසියක් නොමැතිව ඇමතිවරයාගේ කටවචනයට මේ මාදැල් කර්මාන්තය තහනම් කර ඇත්නම් එය වරදක් බවත් මෙවැනි තහනම් කිරීමක් සිදු කිරිමට පෙර පරිසර ඇගයීමක් සිදු කළ යුතු වුවත් එවැනි විද්‍යාත්මික දත්ත කේන්ද්‍රීය ක්‍රියාවලියක් සිදු කර ඇත්ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මැතිවරණ සමයේ ධීවරයන්ට දුන් පොරොන්දු අද එකක්වත් ඉටු වෙලා නෑ
වත්මන් රජයේ මැති ඇමතිවරුන් මැතිවරණ සමයේ බෝට්ටුවල ඔරුවල නැග විවිධ වොයිස්කට් දුන්නත් අද වන විට රටේ ජාතික ධීවර ප්‍රතිපත්තියක් නොමැති බවත් අප රටට හිමි සයුරු සම්පත තිරසර ආකාරයට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණය මේ රජයට නොමැති බවත් මේ රජය ධීවර ජනතාවත් අන්දවා ඇති බවත් දැන්වත් මේ පන්න ක්‍රමවේදවලින් අලුත් දෙයක් වන විට එමගින් හානියක් වෙනවා කියා කටවචනයෙන් නොකියා විද්‍යාත්මක ඇගයීමක් සිදු කරන ලෙසත් මොවුන්ට විකල්ප ආදායම් මාර්ගයක් නොදී ඇමතිවරුන්ට හිතුන ආකාරයට කර්මාන්ත තහනම් කරන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජයට ධීවර කර්මාන්තය දියුණු කරන්න කිසිම අදහසක් නෑ
නැවත වරක් පාර්ලිමේන්තුව රැස්වූ පසු තමා මේ වෙනුවෙන් කතා කරන බවත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ වෙනුවෙන් හඩ නැගීම සිදු කරන බවත් මේ රජය කරදිය ධිවර මෙන්ම මිරිදිය ධිවර කර්මාන්තය දියුණු කරන්න කිසිදු අවබෝධයක් නොමැති බවත් වෙනත් රටවල් අපේ මුහුදු සීමාවට ඇවිත් අපේ මත්ස්‍ය සම්පත කොල්ලකන විට රජය අහක බලන් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.















