නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගේ උපන් බල ප්‍රදේශය වන ගුජාරාට් ප්‍රාන්තයෙන් සොයා ගත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වැදපුදා ගැනීමට ලැබීම අනගිභවනීය අවස්ථාවක් බවත් ඒ වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සිය ස්තූතිය පුදකර සිටින බවත් එතුමා බුදුදහම සම්බන්ධයෙන් ඉතා ගෞරවයෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ප්‍රදර්ශනය කරන ඓතිහාසික දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අවස්ථාවේදීය.
ලබන 11 වැනිදා දක්වා දිනපතා පෙරවරු 6 සිට රාත්‍රී 7 දක්වා ධාතුන් වහන්සේ ජනතාවට වන්දනා කළ හැකියාව පවතී.










