නන්දන ශ්රීගේ කැබිනෙට්ටුව…..!
අභිමානයක් රටකට නිදහස විතර
නැතිබව නිතර සිහි කළයුතු වෙයි මිතුර
හැත්තෑ අටට සිදුකළ නිදහස් සමර
ඇද දැමු හැටි පෙනේ එය ගණයට අවරSri Lanka Latest News
බිහිසුණු ත්රස්තවාදය පැරදවු අපට
අභිමානයක් පැවතිණි රට සහ නොරට
කෙළ කෙළ කවට බස් එය දියකළ බවට
නැග එති චෝදනා කෝ අභිමන රටට
යුද බිම පැරදුවෙත් අවි අරගෙනම තමා
මෙතුවක් කෑවෙ බීවෙත් ණය ගෙනම තමා
රටතොට දියුණු කෙරුවෙත් ණය මතම තමා
රඟනුයෙ අදත් අයි.එම්.එෆ්. ණයට තමා
‘කළු සුද්දගෙන් මේ රට මතු නැසේවී’
දම්පල්තුමා කී වග සිහි නැගේවී
බලයට ආ පිරිස තැවි තැවි පමාවී
රට ජාතියම මගෙ නොමරා මරාවී
නිදහස් සමරුවට මේ වර ගියේද?
නිවටව ඩයස්පෝරාවට බියේද?
උප්පරවැට්ටි තව කොපමණ තිබේද?
අවි හැංගුවෙත් පෝරාවට බයේද?










