න්යෂ්ටික මාතෘකාව හැර වෙනත් ඔනැම මාතෘකාවක් සාකච්ඡා කිරීමට හැකි බව ටෙහෙරානය නිවේදනය කිරීමෙන් පසු සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා එක්සත් ජනපදය විසින් අවලංගු කරන ලදී.එක්සත් ජනපදයේ ස්ථාවරය වන්නේ සාකච්ඡා සඳහා පළමුව වැදගත් වන්නේ න්යෂ්ටික මාතෘකාව බවයි.Sri Lanka Latest News
එක්සත් ජනපද නිලධාරියෙක් ඇක්සියෝස් වෙත අදහස් දක්වමින්:”අපි ඔවුන්ට කිව්වා මේක (න්යෂ්ටික මාතෘකාව) නැත්නම් කිසිම දෙයක් නැහැ කියලා,ඔවුන් පිළිතුරු දුන්නා හරි,එහෙනම් කිසිම දෙයක් නැහැ කියලා.එසේ නොමැතිනම් එක්සත් ජනපදය වෙනත් විසඳුම් වෙත යොමු වනු ඇත.” යනුවෙන් පැවසිය.
මෙම තිරණයත් සමග ඉරාන මාධ්ය තුලින් ඉරාන භූගත මිසයිල කඳවුරක් පෙන්විමට යොදා ගනිමින් අද නිකුත් කිරීමට නියමිතව තිබූ වීඩියෝ දර්ශනයක් විකාශනය කිරීම ජාතික ආරක්ෂක හේතූන් මත හදිසියේ ඉරානය විසින් අවලංගු කර ඇත.තත්වය ඉතාම සංකිර්ණ මට්ටමක පවතී.
මුලාශ්ර: Axios, Ynet News, APA News










