එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබේ.Sri Lanka Latest News
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මාලිංග මෙම තනතුර යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ තරග සඳහා සිය උපදේශක දායකත්වය ලබා දීමට නියමිතය.
ඒ අනුව, ලසිත් මාලිංග එළඹෙන 5 වනදා සිට නිල වශයෙන් ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වනු ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහු සතු අත්දැකීම් සහ විශේෂයෙන්ම විස්සයි විස්ස රටාව තුළ ඔහු දක්වා ඇති දක්ෂතා සැලකිල්ලට ගනිමින්, තරගාවලියේ මූලික අදියරේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ශක්තිමත් කිරීම මෙම පත්වීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.










