ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය විසින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතාව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ධුරයෙන් ඉවත් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.Sri Lanka Latest News
ඊට අදාල ලිපිය මේ වනවිටත් කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් විගණකාධිපති ධුරයට පත් කිරීම සදහා සහය දැක්වීම සම්බන්ධයෙන් පක්ෂය තුළ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
සිවිල් තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කිරීම සම්බන්දයෙන් TNA ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රීධරන් ක්‍රියා කර ඇති බවයි TNA නායකයන්ගේ මතය වී ඇත්තේ.
පක්ෂයේ මූලධර්ම සහ ඡන්දදායකයින්ගේ අපේක්ෂාවන්ට පටහැනිව කටයුතු කරන අයට තනතුරු දැරිය නොහැකි බව පවසමින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇත.
ශ්‍රීධරන් මහතා වෙනුවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතාව නව පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස නම් කර ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නිමා වූ මහා මැතිවරණයේදී රාසමානික්කම් මන්ත්‍රීවරයා රටේ අනෙක් සියලු දිස්ත්‍රික්ක මාලිමාව ජයගනිද්දී මඩකලපු දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරමින් තරුණ නායකයෙකු ලෙස ඉදිරියට පැමිණීම බවයි TNA අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.










