ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නෞකා දිගින් දිගටම ලංකාවට පැමිණියහොත් ලබන මාර්තු මාසය වනවිට බොහෝ දුරට විදුලිය කප්පාදුවකට යෑමට සිදුවනු ඇති බව සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අනාවරණ කළේය.Sri Lanka Latest News
පසුගිය සතියේ මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ දැනටමත් ලංකාවට පැමිණ ඇති ගල්අඟුරු නෞකා තුනෙන් පළමු නෞකාවේ පැවැති ගල්අඟුරු තොගය තත්ත්වයෙන් බාල බවට තහවුරු වී ඇති බවකි.
මේ වනවිට දෙවැනි ගල්අඟුරු නැවේ සහ තුන්වැනි ගල්අඟුරු නැවේ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු හරහා බලාගාරයේ නිෂ්පාදනය කෙරෙන විදුලි ධාරිතාවයේ අඩුවීමක් පෙන්නුම් කරන නිසා ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට සිදුවනු ඇති බවද පෙන්වා දුන්නේය.
ඒ හරහා ද බොහෝ දුරට විදුලිය කප්පාදුවකට යෑමේ අවදානමක් මතුවනු ඇති බවද මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










