සිංහල සිනමාවට යළිත් වසන්තය උදාකරමින් චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ‘ෆාදර්’ සහ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘ධර්ම යුද්ධය 02’ යන චිත්‍රපට මේ දිනවල ආදායම් වාර්තා බිඳහෙළමින් අතිසාර්ථකව තිරගත වන ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
දැනට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ‘ෆාදර්’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළ දින සිට මේ දක්වා කෝටි 10 ඉක්මවා යන ආදායමක් උපයා ඇති බවකි.
එමෙන්ම ‘ධර්ම යුද්ධය 02’ චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ දින සිට මේ දක්වා ඊට සමාන ආදායමක් වාර්තා කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.










