ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි IMF නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (28) පැවති හමුවේදී එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා විසින් මේ බව තහවුරු කර ඇත.
මෙරටට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සාර්ථකත්වය සොයා බැලීමට සහ IMF අඛණ්ඩ සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබාදීම සහතික කිරීම සඳහා ඇය දිවයිනට පැමිණෙන බව සඳහන්.










