ගුරු සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (29) හතරවන දිනයටත් ක්‍රියාත්මකයි. Sri Lanka Latest News
උපවාසයේ නිරත නිලධාරීන්ගේ සුවදුක් විමසීම සදහා ඊයේත් පාර්ශව රැසක් එම ස්ථානයට පැමිණ තිබුණා.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ද එම ස්ථානයට පැමිණි අතර, එහි සිටි කිහිපදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ද ඔහු පරීක්ෂාවකට ලක් කළා.
එලෙස විජලන තත්ත්වයට පත්ව සිටි කිහිපදෙනෙකුට සේලයින් ලබාදීමටයි එහිදී කටයුතු කර තිබුණේ.










