දැනට රජයේ ආයතන සදහා පත් කර ඇති සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තම අනුමැතියෙන් තොරව වෙනස් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ දිනයේ දිවුරුම් දුන් සියලු ඇමතිවරුන්ට විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.
අදාළ පත් කිරීම් සිදු කරන්රනේ ඒ සදහා පත් කරන ලද විශේෂ කමිටුවකින් යයිද වැඩිදුරටත් දන්වා ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම නියෝගය සියළු ඇමතිවරුන් වෙත යවා තිබේ.











