තමන් ගුරු සේවයේ ස්ථිර කරදෙන ලෙස ඉල්ලා පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.Sri Lanka Latest News
ඊයේ ඊට එක්ව සිටි නිලධාරිනියක හදිසියේ රෝගී වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා පසුව ඇය ඉන් පිටව ගොස් තිබුණා.
සිය ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීමත් සමගයි විරෝධතාකරුවන් පෙරේදා පස්වරුවේ සිට මෙම උපවාසය ආරම්භ කළේ.
ඔවුන් ඊයේ පෙරවරුවේ මීනි පෙට්ටි ආකෘතියක් ද උපවාසය කරන ස්ථානයේ පුළුස්සා දැමීමට කටයුතු කළ අතර, එහිදී උපවාසයේ නිරත පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්ද ඇති වුණා.
මේ අතර, විවිධ පාර්ශව ඊයේ පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් උපවාසයේ නිරත වන ස්ථානය වෙත පැමිණ තිබුණා.










