නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්වස් 28.04 ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට, නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව, එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 50ක කාල සීමාවකට සුදුසු ආයෝජකයෙක් වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළා.
ඒ අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.










