ගිරාදුරුකෝට්ටේ කෘෂිකර්ම ආදර්ශ ගොවිපළ ඉදිරිපිටදී, මහියංගණ දෙහිඅත්තකන්ඩිය මාර්ගය හරස් කරමින්, D4 පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බදුල්ලේ ඥානරතන හිමිගේ සංවිධානත්වයෙන් හා ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණක් ඊයේ 26 දින උදෑසන පැවැත්විණ.Sri Lanka Latest News
එම ගොවිපලේ අක්කර 150ක පමණ භූමි ප්‍රමාණයක් විශාලත්වයෙන්ති යුතු අතර, එහි අක්කර 50ක පමණ භූමි ප්‍රමානයක් කැලෑ වැදීම හේතුවෙන් වන අලින්ගේ වාසභූමියක් බවට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් ගොවිපොළ අවට තමන්ගේ ගම් වන අලින්ගේ පීඩාවනට දිනපතා / නිරන්තර ලක් වෙන බවත්, එයට විසදුම් ඉල්ලා ගම්වාසීන් පිරිසක් එලෙස උද්ඝෝෂණයේ නිරත විය. ඒ සදහා ගම්වාසීන් 50 ක පමණ පිරිසක් එක් වූහ.














