• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නේවාසික රෝගියකුට වැඩි මිලට බෙහෙත් විකුණලා! චෝදනා කියවා දෙන්න ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් වන අශෝක් පතිරගේ-මංජුල කරුණාරත්න-සුදර්ශන් අහංගම-හැරිස් ප්‍රේමරත්න-සිවකුමාර් සෙල්ලයියා-හරේෂ් කුමාර් කයිමාල්-අජිත් කරුණාරත්න ඇතුළු සියලු දෙනා උසාවියට කැඳවන්න මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි! නීතීඥවරයා ගෙනා කාලාවරෝධ විරෝධතා ඉවත දමයි! I Sri Lanka Latest News

January 27, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
නේවාසික රෝගියකුට වැඩි මිලට බෙහෙත් විකුණලා! චෝදනා කියවා දෙන්න ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන් වන අශෝක් පතිරගේ-මංජුල කරුණාරත්න-සුදර්ශන් අහංගම-හැරිස් ප්‍රේමරත්න-සිවකුමාර් සෙල්ලයියා-හරේෂ් කුමාර් කයිමාල්-අජිත් කරුණාරත්න ඇතුළු සියලු දෙනා උසාවියට කැඳවන්න මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි! නීතීඥවරයා ගෙනා කාලාවරෝධ විරෝධතා ඉවත දමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු චෝදනාවන් කියවා දීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය නියම කළාය.Sri Lanka Latest News

නේවාසික රෝගියකුට වැඩිමිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහේස්ත්‍රාත්වරිය චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළාය.

විත්තිකාර පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහි චෝදනා පත්‍ර බාරදීමට මීට පෙර අවස්ථාවක අධිකරණය සුදානම් වු අවස්ථාවේදී මෙම නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මෙම අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා මුලික විරෝධතාවයන් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළාය.

එලෙස අධිකරණයට කැඳවන ලද්දේ අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් වන අශෝක පතිරගේ. මංජුල කරුණාරත්න. සුදර්ශන් අහංගම. හැරිස් ප්‍රේමරත්න. සිවකුමාර් සෙල්ලයියා. හරේෂ් කුමාර් කයිමාල්. අජිත් කරුණාරත්න. ඉන්දියානු ජාතිකයින් වන විශාල් බාලී. අන්තූර් නාන්ද් තදානි සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් කිසිවෙකුත් අධිකරණයේ පෙනී නොසිටි අතර පෞද්ගලික රෝහලේ නියෝජිතවරයෙකු සහ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු මහත්මිය පමණක් අධිකරණයේ පෙනී සිටියහ.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිර රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය 2024 ජනවාරී 17 වැනිදා රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් දුන් නියෝගය දෝෂ සහගත බව මීට පෙර අවස්ථාවකදී තීන්දු කරමින් මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දුන් නියෝගයකට අනුව මෙම නඩු කටයුතු යළි මුල සිට ආරම්භ කිරීමට නියම විය.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා විසින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

2023 පෙබරවාරී 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරීම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖධෂ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකාර රෝහලට” එහි අධ්‍යක්‍ෂවරුන්ට සහ සේවකයින් එකොළොස් දෙනාට එරෙහිව වෙන් වෙන්ව චෝදනා 11 බැගින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා නඩු පවරා ඇත.

ජාතික ඖධෂ නියාමන අධිකාරිය මෙම නඩුව පැවරූ පසු 2024 ජනවාරී මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විත්තිකරුවන්ට නොතිසි නිකුත් කර තිබියදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් 2024 ජනවාරී 17 වැනිදා මෝෂමක් මාර්ගයෙන් වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවට අදාළ සමාගමේ බලයලත් නියෝජිතවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා ඉදිරිපත් වී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනමෙන් පසු ඔහුට රුපියල් 25000/-ක දඩයක් නියම කොට තිබු අතර දඩ මුදල නොගෙවුවහොත් මාස 06ක සිරදඬුමකට ඔහු යටත් කෙරිණී.‍

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත බවට අගතියට පත් සනත් කුමාර අතුකෙකා්රල මහතා කළ පැමිණල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහගත බව තීරණය කරමින් මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය දුන් නියෝගයකට අනුව නඩු කටයුතු මුලසිට යළි ආරම්භ කෙරිණී”
අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවාදීමට සුදානම් වු අවස්ථාවේදී විත්තිකාර රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ යම් වරදක් වීමෙන් මාස 03ක කාලයක් ඇතුලත නඩු පැවරිය යුතු බව සඳහන් කර ඇතත් මෙම නඩුව පවරා ඇත්තේ සිද්ධියෙන් මාස 09කට පසුව වන හෙයින් මෙම නඩුව කාලාවරෝධයට හසුව ඇතැයි කීය.

නියමිත කාලයට පසුව ගොනු කර ඇති මෙම නඩුව කාලාවරෝධයට හසුව ඇති හෙයින් මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට හෝ විමසීමට අධිකරණයට බලයක් නොමැකි බව පෙන්වා දෙමින් නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නීතීඥවරයා ඉල්ලා සිටියේය.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය ඊට එරෙහිව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව කාලාවරෝධයට හසුව නොමැති හෙයින් විත්තියේ මුලික විරෝධතාවය ඉවත දමා විත්තිකරුවන්ට චෝදනා කියවා දීමට පියවර ගන්නැයි ඉල්ලා සිටියාය.

සිද්ධියෙන් අගතියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතාද කරුණු දක්වමින් නඩුව කැඳවීමට නියමිතව තිබු දිනටත් කළින් ඉතාමක් හදිසියේ උසාවියට පැමිණ වරද පිළිගෙන නඩුව අවසන් කර ගැනීමට කටයුතු කළ විත්තිකරුවන්ට දැන් සිය ස්ථාවරය වෙනස් කිරීමට හැකියාවක් නැතැයිද අධිකරණ බලය පිළිබඳ විරෝධතාවයක් ඇත්නම් මුලින්ම එය ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රතිබන්ධන නීතීය අනුව මුල් ස්ථාවරය සමඟ පසු ස්ථාවරය බන්ධනය වන බවත් පෙන්වා දුන්නේය.

මුලින් හදිසියේ නඩුව අවසන් කර ගැනීමට උත්සහ කළ විත්තිකරුවන් දැන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් නඩුව ඇඳගෙන යෑමට උත්සහ කරන බවක් පෙනෙන්නට ඇතැයිද සඳහන් කරමින් නීතීඥ රංජිත් හීල්ලගේ මහතා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණී.

ඉදිරිපත් වු සියලු කරුණු මෙන්ම ලිඛිත දේශණද සළකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කරන බව දැනුම් දුන්නාය.

පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා සමඟ පෙනී සිටි එම අධිකාරියේ නීතී නිලධාරී නීතීඥ උදේශිකා ලක්‍ෂානි මහත්මිය කරුණු දක්වමින් විත්තියේ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කර ඇති හෙයින් චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉල්ලීම පිළිගනිමින් චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවීමටද නියම කළාය.

පැමිණීල්ල වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා සමඟ එම අධිකාරියේ නීතී නිලධාරී නීතීඥ උදේශිකා ලක්‍ෂානි මහත්මිය පෙනී සිටියාය.

සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් නීතීඥවරුන් වන උදාර විජේසිංහ සහ රන්දුණු හීල්ලගේ මහත්වරු සමඟ නීතීඥ රංජිත් හීල්ලගේ මහතා පෙනී සිටියේය.

විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරු වෙනුවෙන් නීතීඥ නිලංක පොල්ගම්පොළ සහ රලිත අමරසේන මහත්වරුන් සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.

SendShareShare
Previous Post

පියතුමාට ගැහුවා කියලා රිමාන්ඩ් එකේ ඉන්න පොලිසියේ 6 දෙනාගේම වැඩ තහනම් කරයි! I Sri Lanka Latest News

Next Post

අමෙරිකන් හමුදාව අරාබි මුහුදේ වෙඩි තියන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.