• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වයසට යද්දි හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්! හොයලා නොබැලුවොත් ලොකු අවුලක්! I Sri Lanka Latest News

January 27, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වයසට යද්දි හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්! හොයලා නොබැලුවොත් ලොකු අවුලක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පවසයි.Sri Lanka Latest News

කොළඹදී පැවති මානසික සංවර්ධනය තුළින් ජීවිත පරිවර්ථනය නම් වැඩසටහන සමඟ එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ අවුරුදු 60 හෝ 65ට වැඩි වැඩිහිටියන් මේ අතර සිටින බවය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනය වන බවත්, ඒ අනුව වැඩිහිටියන් මුහුණදෙන මෙම මානසික ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සමාජය තුළ දැනුවත්භාවය අවම වීම හේතුවෙන් ගැටලු රැසක් ඇතිව තිබෙන බවත් විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇතැම් විට වයස්ගත වීමේ දී ඇති වන යම් යම් මානසික රෝග ලක්ෂණ පිළිබඳ මිත්‍යා මත පදනම්ව තීරණ ගැනීමට සමාජය පෙළඹී ඇති අතර එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස හොවා දක්වමින් සිටින බවද පැවසු විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය, අමතක වීම හා විෂාදය වැනි රෝග ලක්ෂණ නොසලකා හැරීමට වැඩිහිටියන් පෙළඹී ඇතැයි ද පැවසුවාය.

මෙලෙස මානසික ගැටලු වැඩිහිටි ජනතාව අතර වැඩි වශයෙන් පැවතීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවයට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ තුළින් ශාරීරික සංකූලතාවයන් ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මානසික රෝහලේ 1999 දී වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, මේ වනවිට එහි පිරිමි සහ කාන්තා නේවාසික වාට්ටු දෙකක් ඇති බවත් මෑතකදී දීඝායු නමින් දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මනෝචිකිත්සක හා චර්යා ක්‍රම තුළින් වෛද්‍ය උපදෙස් ලබාදීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.

තනිකම සහ හුදකලාව

අද වනවිට මුළු මහත් ලෝකයම මුහුණදෙන බියකරු රෝගී ත්ත්වයක් බවට තනිකම සහ හුදකලාව පත්ව ඇති අතර, එය සෞඛ්‍ය ගැටලුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇතැයි ද වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් පිටරටවලට බහුලව සංක්‍රමණය වීම හේතුවෙන් අප රටේ ජීවත් වන වැඩිහිටි ප්‍රජාවද මෙම රෝග ලක්ෂණයන්ට ගොදුරු වෙමින් පවතින බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පිටරටවල ජීවත් වන දරුවන් හැකි තරම් සිය දෙමාපියන් සමඟ වීඩියෝ මඟින් හෝ දුරකථන සංවාදයන් ඇති කර ගත යුතු බවත් පැවසීය.

එමෙන්ම එලෙස තනිකම සහ හුදකලාව හේතුවෙන් මානසික ගැටලුන්ට පත්වන වැඩිහිටියන් හැකි සෑම විටම මිතුරන්, නැදෑයෝ සහ ස්වෙච්ඡා කටයුතුවල නිරතවෙමින් සිය ජීවිතය ගත කිරීමට පෙළඹිය යුතු බවත් වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ලංකාව තුළ වැඩිහිටි මානසික සත්කාර සේවයේ දී මුහුණපාන ප්‍රධාන ගැටලු

ලංකාව තුළ මෙලෙස මානසික ගැටලු විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබුණද ඒ සඳහා නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැති වීම ගැටලුවක් බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය සඳහන් කළාය.

තනිවම ජීවත්වීමේ දී වැඩිහිටියන් නිරන්තයෙන් ආර්ථික හා සමාජීය ගැටලුවලට මුහුණදෙන බවත්, එයට ප්‍රමාණවත් සහායක් රජයෙන් හෝ සමාජයෙන් නොලැබෙන බැවින් මානසික ගැටලු විසඳන්න නිසි ක්‍රමවේදයක් සකස් කිරීම රජය සතු වගකීමක් බවත් ඇය වැඩිදුරටත් පැවසීය. 

SendShareShare
Previous Post

අධිකරණ ඇමැති හර්ෂණ වෙනුවෙන් ජවිපෙ බිමල් ඉදිරියට එයි! නීතිපතිගේ ප්‍රශ්නේ ගැනත් හොඳටම කියයි! ‘අපි ඔය ලණු කන්නේ නෑ..! VIDEO I Sri Lanka Latest News

Next Post

අධිකරණ ඇමැති හර්ෂණ නීතිපති වෙනුවෙන් පෙනී හිටියත් ආණ්ඩුව ගෙනා අය නීතිපතිට එරෙහිව පාරට බහී! නීතිපති ඉවත් කරන ලෙස ඉල්ලා අනුරට දෙන්න මහජන පෙත්සමක් අත්සන් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.