• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහල සිනමාවේ සුරංගනාවිය අයිරාංගනීය..! මේ ඔබට පිදෙන උපහාරයයි! I Sri Lanka Latest News

January 26, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
සිංහල සිනමාවේ සුරංගනාවිය අයිරාංගනීය..! මේ ඔබට පිදෙන උපහාරයයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සපිරීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 54ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සුවිශේෂී ජාතික සැමරුම් උළෙල පසුගියදා  (21) ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
Sri Lanka Latest News
මෙම උළෙල හුදෙක් සංවත්සර සැමරුමකට එහා ගිය, මෙරට සිනමා ඉතිහාසයේ රන් සලකුණු ඇගයීමට ලක්කළ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක් වේ.

ශ්‍රී ලංකාවේ පළමු කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ (1947) සමඟ ආරම්භ වූ මෙරට කතානාද සිනමා ගමන අද වන විට දශක හතකට වැඩි කාලයක් පුරා විවිධ යුගයන්හි දී විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද්‍යතනය වන විට ජාතික සංස්කෘතික උරුමයක් බවට පත්ව ඇති බව මෙම උත්සවයේදී අවධාරණය කෙරුණා.

‘රාජකීය වික්‍රමය”  මුලින්ම සිංහලයෙකු රඟපෑ සහ මුල්වරට ලක්දිව රූගතකල නිහඬ චිත්‍රපටය ලෙස පිළිගැනෙයි. මෙහි පළමුව රූගත කිරීම් සිදු කර ඇත්තේ කොළඹ බම්බලපිටියේ හිස්‌ව තිබූ බංගලාවකදීය. මෙහි රූගත කිරීම් කොළඹ හා කෝට්‌ටේ හි නාවල දියවන්නා ඔය ඉවුරේදී කර ඇතැයි පැවසේ. “බෝරා ජාතික ටී. ඒ. නුර්බායි” මෙහි නිෂ්පාදකය වන අතර ඔහු විදෙස් චිත්‍රපට ගෙන්වා ලංකාවේ සිනමාශාලාවල පෙන්වීමේ ව්‍යාපාරිකයෙකි. මෙහි අධ්‍යක්ෂක “ගුප්ත” නැමැත්තා ඉන්දියානු ජාතිකයෙකි.දකුණු ඉන්දියානු(දමිළ) චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. මෙහි කැමරාකරණයද ඔහුගේය.

මෙම වසරේ සුවිශේෂීත්වය වන්නේ 1925 වසරේ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයෙන් ඇරඹි මෙරට නිහඬ සිනමා ඉතිහාසයට 2025 වසර වන විට වසර 100ක් සපිරීමයි. මෙය සැමරීම වෙනුවෙන් “1925 – 2025 : ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන තේමාව යටතේ විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීම උළෙලේ ප්‍රධානතම සිදුවීමක් විය.

එම මුද්දරය සඳහා තෝරාගෙන තිබුණේ සිංහල සිනමාවේ මහා පෞරුෂයක් වන, මෙරට සිනමා වංශකතාවේ ජීවමාන පුරාවෘත්තයක් ලෙස සැලකෙන ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ ගේ රුවයි.

ශ්‍රී ලාංකේය සිනමා කලා උරුමය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ කලාකාරිනියන් දෙපළක් මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය.

අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව සමරු මුද්දරයට එක්කරමින් උපහාර දැක්වූ අතර සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ දශක කිහිපයක මෙහෙවර උදෙසා ශ්‍රියානි අමරසේන “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය.

උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, දේශීය සිනමා කර්මාන්තයේ විකාශනය සහ එහි ඓතිහාසික ගමන පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක නිරත විය. 1972 ජනවාරි 21 දින ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීම මගින් දේශීය සිනමාවට හිමිවූ රාජ්‍ය අනුග්‍රහය සහ එතැන් සිට පැමිණි අභියෝගාත්මක මාවත පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මද සහභාගී වූවාය. රාජ්‍ය සිනමා අනුමණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

අලින්ට විතරක් නෙමෙයි සජිත් හුරතල් බල්ලන්ටත් ආදරෙයි! Dog Festival එකටත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අවුරුද්දක් ගිහිල්ලත් තවමත් වාහනවලට නම්බර් ප්ලේට් නෑ! ලක්ෂ දෙකහමාරක් පාරේ දුවන්නේ එක එක නම්බර් ප්ලේට් ගහගෙන! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.