ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නැතැයි වාර්තා වේ. Sri Lanka Latest News
පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටක් ( 2001- 2024 කාලයේදී) පසු විපරම් කිරීමේදී ඉන් ක්‍රියාත්මක කර ඇත්තේ හෝ එකඟතාව ලබා ගැනීමට හැකිව ඇත්තේ නිර්දේශ දොළහකට පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේය.
මේ අතර 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පවත්වන ලද විමර්ශනවලින් පසුව නිකුත් කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නැවතත් අවධාරණය කරයි.
කොමිසම සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම මතක් කරමින් නිල නිවේදනයක්ද නිකුත් කර ඇත.










