නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට සහ ශෝකයට පත් වන බවත් අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් ලෙස එතුමා ජනතා සේවාවාව වෙනුවෙන් කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට එක් වූ අවස්ථාවේ දී ය.
නන්දන ගුණතිලක මහතාගේ දේහය ඉදිරිපිට දේශපාලනය කතා කිරීම සුදුසු නොවන බවත් අප සියලු දෙනාම කටයුතු කළ යුත්තේ ජීවිත බේරා ගැනීමට බවත් මෙතුමාගේ රෝගය ගැන මීට පෙර දැනුවත්ව සිටියා නම් එතුමා වෙනුවෙන් මීට වඩා විශාල මැදිහත්වීමක් සිදු කළ හැකියාව තිබු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එතුමාට ප්‍රතිකාර කළ සියලුම වෛද්‍යවරුන්ට තමා ස්තුතිවන්ත වන බවත් කවුරු කුමන තරාතිරමක් දේශපාලන පක්ෂයක අයකු වුවත් කුමන කතාවක් කිව්වත් මිනිස් ජිවිත වටිනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.















