ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ප්‍රධානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.Sri Lanka Latest News
මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන් පිරිනමන ලද්දේ හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙනි.
යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණි. මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමඟ එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ හරහා වසරකට රුපියල් මිලියන 18කට අධික රජයේ මුදලක් ඉතිරි වනු ඇත.

දිලංක ගුණතිලක










