විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung මහත්මිය අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News
සිය ධුර කාලය අවසන් කර නැවත ඇමෙරිකාව බලා පිටත්වන ඇය හට සමුදීම අරමුණු කර ගෙන මෙම සුවිශේෂ හමුව අද පැවැත්විණි.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලයේ ඇය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතියත් ගෞරවයත් ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය වෙත මෙහිදී පුදකරනු ලැබීය. ඇය විසින් මෙරය සිය සේවා කාලය තුළ දී තානාපතිවරිය ලෙස ලබා දුන් අතිවිශිෂ්ට සේවාව කිසිදා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

















